Episode 06 🤍

69 13 0
                                    


පොලීසියට එලියට ආව ලීසා එලියෙ තියෙන බෙන්ච් එකකින් වාඩි වෙලා කල්පනා කලේ......

"කවුද මේ මිනීමැරුම කලේ....මට මෙච්චර කාලයක් පලිගන්න ඕනිවෙලා තිබුන මේ මිනිහගෙන් මේ විදිහට පලිගත්තෙ කවුද? මොකටද? ඇයි මේ මිනිහව මැරුවේ. කවුරු කොහොම මොනදේට මේක කලත් කලේ හොද දෙයක්....නිරපරාදේ මගේ තාත්තට මැරෙන්න උනේ මේ මිනිහා නිසා.....තාත්තේ! ඔයාට පේනවද ඔයාව වැරදිකාරයා කරපු ඒ මිනිහා එයා කරපු හැම වැරැද්දකටම වන්දි ගෙව්වා...."

අහස දිහා බලාගෙන මෙහෙම හිතන ගමන් සුසුම් හෙලුව ලීසා කල්පනාවෙන් ඇහැරිලා පියවි සිහියට ආවේ ඇස් වලින් වැටුනු කදුලු මූණ දිගේ සීතට ගලාගෙන වැටෙනකොට......

බෙන්ච් එකෙන් නැගිට්ට ලීසා ආයෙත් තමන්ට පැවරුණු රාජකාරියට ගියා...

තවදුරටත් පරීක්ෂණ කරපු ලීසට දැනගන්න ලැබුනේ මියයාමට කලින් Mr.Lee හා ඝාතකයා අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇති බවත් ඝාතකයාටද වෙඩිවැදී ඇති බවයි. ඒ වගේම එතැන තිබුන අඩිසලකුණු වලින් ඝාතකයින් දෙදෙනෙකු පැමිණ ඇති බවත් තහවුරු උනා.....

⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

පරීක්ෂණ කටයුතු නිසා හෙම්බත් වෙලා හිටිය ලීසා රෑ ගෙදර එනකොට අහම්බෙන් වගේ දැකපු දේ නිසා කලබලෙන් ගෙට ගියේ ජීසොව හොයාගෙන....

🌹- ජීසෝ....ජීසෝ....

🌺 - ලීසා මං මෙහේ.....

ජීසෝ කුස්සියෙ ඉදන් ලීසට කතා කලා....

🌹- ජීසෝ ඔයා හොදින් නේද....

🌺 - මං හොදින් තමා ඇයි මට මොනවා වෙන්නද? 

🌹- එ...එලියේ....එලියේ 

🌺 - මොකද උනේ එලියේ මොනවද..

🌹- ඒ...එලියෙ ලේ තිබ්බා...

🌺 - මොකක් ලේ.....

පුදුමෙන් තමන් දිහා බලන් ඉන්න ජීසොවත් ඇදගෙන ලීසා එලියට ගියේ ජීසෝ තමන් කිව්ව දේ විශ්වාස නොකර පුදුමෙන් බලන් හිටිය නිසා....

🌺 - කෝ කොහෙද?....

🌹- අර බලන්න.....

ලීසා උඩ තට්ටුවට යන පඩිපෙළ දිගට තිබුන ලේ පැල්ලම් ජීසොට පෙන්නුවා....

HIDDEN PROFILE 🤍 [completed] Kde žijí příběhy. Začni objevovat