Episode 01 🤍

143 14 0
                                    


🌹 - ලීසා
🌺 - ජීසෝ

සෝල් ප්‍රදාන පොලිස් දෙපාර්තමේන්තුව........

මුලු දෙපාර්තමේන්තුව කැලඹීමට පත් වෙලා තීන්නේ මේ දවස් වල එක දිගට සිද්ද උන මිනීමැරුම් හා මංකොල්ලකෑම් සමූහයක් නිසා..... මේ අපරාධ සිද්ද කරන්නෙ තනි කෙනෙක්ද කල්ලියක්ද කියලා පොලිසියට තාම කිසිම හෝඩුවාවක් ලැබිලා නෑ.... මේ අපරාධකාරයන්ගේ ඊලග ගොදුර කවුරු වෙන්න පුලුවන් ද කියල කවුරුත් දන්නෙ නෑ.......

🌺 - ලීසා නැගිටින්න අද වැඩට යන්නෙ නැද්ද? පරක්කු වෙයි.....දැන්වත් නැගිටින්න.

🌹 - අනේ......ඉන්න දෙනවකෝ මැස්සියේ.....කොයිවෙලේ බැලුවත් කුනු කුනු ගානෝ.....හොරු අල්ලන්න වෙලාවට යන්න ඕනි නෑ අනේ.....
 
ජීසෝ ලීසගෙ ඇග උඩට නැගලා ලීසා නැගිටිනකම්ම නිදාගන්න නොදී කරදර කලා....

🌺 - වැඩට යන්නෙ නැත්තන් නිදාගන්නවා..... මට කමක් නෑ 8:00ත් පහු දැන්.

ජීසෝ කේන්තියෙන් කිව්ව දේ ඇහුනම ලීසව උඩ ගිහින් ඇහැරුනා....

🌹 - මොකක්? 8:00 පහු වෙලාද. මං ඉවරයි අද. යකෝ වේලාසන ඇහැරවන්න බැරි උනාද.....

🌺 - යකෝ මං දැන් කීයෙ ඉදන්ද කතා කලේ.කතා කලාමත් කෑ ගහනෝ පරක්කු උනාමත් මට කෑ ගහනෝ.....

🌹 - මගේ යුනිෆෝම් එක අයන් කරල දෙන්නකො පැටියො..... මං යනගමන් ඔයාවත් ඩ්‍රොප් කරන් යන්නම්......ප්ලීස් 

🌺 - අදට විතරයි.... වොශ් දාන් එන්න ඉක්මනට කෑම ලෑස්තියි.

ලීසයි ජීසොයි කියන්නෙ හොදම යාලුවො.ලීසා පොලිස් ඔෆිසර් කෙනෙක් එතකොට ජීසෝ ඩොක්ටර් කෙනෙක්. ලීසා කියන්නෙ නපුරු කටසැර ටිකක් දරුණු කෙල්ලෙක් හැබැයි ජීසෝනම් හරිම අහිංසක ඉක්මනට හිත උනු වෙන ගෑනු ලමයෙක්... හැබැයි මේ දෙන්නා ලස්සනින්නම් එකෙනකාට දෙවෙනි උනේ නෑ....... 

මේ දෙන්න ඉන්නෙත් එකම ගෙදර මේ දෙන්නා පහල තට්ටුවේ ඉන්න නිසා උඩ තට්ටුව කුලියට දෙන්න දාලා තියෙන්නේ......මේ දෙන්නා යාලුවන්ටත් වඩා සහෝදරියො වගේ තමයි ජීවත් උනේ......

ලීසා ජීසෝවත් හොස්පිට්ල් එකෙන් ඩ්‍රොප් කරන් එයත් ස්ටේශන් එකට ගියා.....

ලීසට උදේම කැප්ටන් හම්බවෙන්න කියල පණිවිඩයක් එවලා තිබුනා....

👮️ - Miss.,lisa ඔයාට මේ පාර බාර දෙන මිශන් එක ගොඩාක් වැදගත් එකක් ඒ නිසා කිසිම වැරැද්දක් වෙන්න බෑ.....

🌹 - Yes, sir....කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙන්න මං මේක හැන්ඩ්ල් කරන්නම්.....

👮️ - Good lisa, මිශන් එක ගැන හැම ඩීටෙල්ස් එකක්ම ඔයාගෙ මේල් එකට යවල තීන්නෙ දැනටමත් ඔයා හෙටම වැඩ පටන් ගන්න.....

🌹 - Ok...sir, 

අලුත් මිශන් එකේ වැඩත් එක්ක ලීසා බිසී උනා....ලීසා දන්නෙත් නැතුවම රෑ වෙලා තිබුනා.....එයා ජීසොට කෝල් කලේ තාම හොස්පිට්ල් එකේද නැත්තන් ගෙදර ගියාද කියල බලන්න.

Call.....

🌹 - හෙලෝ මැස්සි තාම හොස්පිට්ල් එකේද?

🌺 - ඔව්... දැනුයි ඔපරේශන් තියටර් එකෙන් එලියට ආවේ....

🌹 - මාත් දැනුයි ඕෆ් උනේ. මං එන්නම් ඔයාව ගන්න... එලියෙන් ඉන්න ඇතුලට ඇවිත් නම කියකිය හොයන්න බෑ හරිද මැස්සි....

🌺 - හරි හරි එලියෙන් ඉන්නම් ප්‍රොමිස්...පරිස්සමෙන් එනෝ හරිද පූසී.....

🌹 - Ok....bye....

Call end.....

ලීසා ජීසොගෙ හොස්පිට්ල් එකට ගිහින් ජීසොවත් අරන් ගෙදර යන්න පිටත් උනා....ගෙදර ගිහින් උයන්න තීන කම්මැලිකමට රෑට කන්න කෑමත් මගින් අරගත්තා....ජීසෝ කඩෙන් කන්න එච්චර කැමති නැති උනත් ලීසගෙ ජොබ් එකත් එක්ක කඩෙන් කන එක එයාට දැන් හුරු වෙලා.....

ගෙදර ඇවිත් වොශ් දාගෙන කෑම කාපු ලීසත් ජීසොත් දෙන්නම නින්දට ගියේ අද දවසේ දෙන්නටම උන දේවල් කතා කරන ගමන්.....

HIDDEN PROFILE 🤍 [completed] Where stories live. Discover now