Episode 05 🤍

67 10 0
                                    

උදේම නැගිට්ට ලීසා ඇද උඩ වාඩි වෙලා ටික වේලාවක් කල්පනා කලේ රෑ කාර් එකේ එද්දි නින්ද ගිය එයා දැන් එයාගෙ රූම් එකේ ඇදේ නිදාගෙන ඉන්නෙ කොහොමද කියලා....

🌹- ජීසෝ......ජීසෝ

ලීසා කෑගහගෙන කුස්සියට ආවේ ජීසොව හොයාගෙන....

🌺 - අහ්....නැගිට්ටද මොකද කෑගහන්නෙ උදේපාන්දරම.....මගේ කන් ඇහෙනවා....

🌹- මේ මට ඊයෙ රෑ මොකද උනේ....

🌺 - මොනව වෙන්නද ඔය ඉන්නෙ හොදට ඔයා....

🌹- අයියෝ....නෑ මැස්සියේ මට රෑ එනකොට කාර් එකේ නින්ද ගියා කියලා මතකයි ඒත් මං කොහොමද දැන් නැගිටනකොට මගේ රූම් එකේ ඇදේ නිදාගෙන ඉන්නේ.....

🌺 - යාහ්...ඒකටද මේ කැගැහුවේ....ජන්ග්කුක් ඔයාව රූම් එකෙන් තිබ්බේ....

🌹- මොකක්.....ජන්ග්කුක් 

 🌺 - ඔව් ජන්ග්කුක්....ඔයා අපි ගෙදර එනකොට හොදටම නිදි ඇහැවන්න බැරි නිසා එයා ඔයාව රූම් එකට උස්සගෙන ආවා....

ජීසෝ කිව්ව දේ ඇහැනම ලීසට කේන්තියක් එක්කම පොඩි ලැජ්ජාවකුත් ඇති උනා....

🌹- මං චුට්ටක් උඩට ගිහින් එන්නම්....

🌺 - උඩට.....මොකටද උඩට යන්නේ.....

ලීසා කඩාගෙන හිටිය කොණ්ඩෙ එකතු කරල බූල්බෑන්ඩ් එකක් දානගමන් උඩට දිව්වේ ජීසෝ අහපු දේට උත්තරයක්වත් නොදී හදිස්සියේ.....

උඩට ගිය ලීසා ජන්ග්කුක්ගෙ ගෙදර දොරට තට්ටු කලා.....

🐰- ඕහ්....ලීසා ගුඩ්මෝනිම්...

🌹- ගුඩ්මෝනිම්...මං මේ.....

🐰- එන්න ඇතුලට.....

ලීසා කියන්න හදපු දේ කියන්න කලින් ජන්ග්කුක් ගේ ඇතුලට කතා කලේ එලියෙ ගොඩක් සීතල නිසා....

🐰- ම්ම්ම්ම්.....දැන් කියන්න. මොකක් කියන්නද ආවේ.....

🌹- මං... මේ....ආවේ....ඔයාට...
     ඔයාට....

🐰- මොනවද ඔච්චර අමාරුවෙන් කියන්න හදන්නේ.....

🌹- තෑන්ක්ස් කරන්න...මං ආවේ තෑන්ක්ස් කරන්න.....

ලීසා කිව්වේ ලැජ්ජාවෙන් බිම බලාගෙන.....

🐰- මොකටද මට තෑන්ක්ස් කරන්නේ....

HIDDEN PROFILE 🤍 [completed] Where stories live. Discover now