දිහස් උදේ උදේ කිව්වට ඔහුට නැගිටුනේ එකෝළහට පමණ.  දැන්  දොළහටත් කිට්ටු වීගෙන එනහැටි දිහස් දුරකත තිරයෙන් දුටුවා. 

" මන් අවීට කෝල් එකක් අරන් කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් කොහොමද ? "

" ඇයි මෝඩයෝ ඕක මගෙන් අහහා ඉන්නේ ගන්නවා දැන්වත් "
අහසි කෑගහනකොට දිහස් කලබලෙන් දුරකතනය අතට ගත්තා.

................................

" ඔව් කියන්න  "
අවීන් මුලින්ම කිව්වා.

" මන් මේ පොඩ්ඩක් කොෆි ශොප් එකකට ආවා "
දිහස් කොහෙද ඉන්නේ කියා ඇසුව ප්‍රශ්නෙට අවීන් සන්සුන්ව පිලිතුරු දුන්නා.

" හරි " අවීන් සිනාවකින් මුව පුරවන් දුරකතය පසෙකින් තැබුවේ අවසානයේ දිහස් කිව්ව වදන්වලින් හදේ උපන් අමුතුම ලෙන්ගතු කමටයි.

" ඉක්මනට ගෙදර එන්න මහත්තයෝ මට පාළුයි  "
ඒවචන ටිකත් එක්ක අවීන්,  දිහස් හා විවාහවී ඇතැයි හැගීමක් අසාවක් නිකන්ම හිතට දැනුනා.

" කවුද කතා කලේ අයියා ? "
කෝපි කෝප්පය වටා සෙමෙන් ඇගිල්ල ගෙනයමින් දෙව්නි අසයි.

" ම්ම්....ආ......අහසි "
අවීන් ඒ දිහස් බව නොකියන්න වුනා.

" ආහ්......අක්කා සනීපෙන් ඉන්නවා නේ "දෙව්නා සිනාවෙමින් අසයි.

" ඔය ඉන්නේ මගේ ඔලුව කකා "
අවීන් කියන කොට දෙව්නිත් උද්‍යෝගිමත් උනා.

" එහෙම තමා , නංගිලා ඉන්නේ අයියලගේ ඔලුව කන්න "
දෙව්නි පපුවට අත්බැදන් දෑස් වසා ආඩම්බරෙන් කිව්වා.

ඒත් එක්කම ඉදිරියට නැවුන අවීන්
" ආ මේ නෝනත් යොමාගේ ඔලුව කනවා නේ එහෙනම්...... පව් අසරණයා....... අර යස්ස ආශිව බැදගෙන ඒකිත් ඔලුව කන්න අරන් ඇති.....   " කියමින් කම්මුලට අත තබා ගත්තා.

" මන් බදින එකත් මගේ ඔලුව කයිද දන්නෑ. "
අවීන්ට නිකන්ම කියවුනේ දිහස්ව මතක් වුනු නිසයි.

" අයියා මාව බැන්දොත් එහෙම වෙන්නෑ "

එකවරම දෙව්නි කිව්ව දේ සමග අවීන් ගැස්සුනත් එතරම් එය බරපතලට ගත් බවක් නොපෙන්වන්න උත්සහ කරන්න උනා.

" දෙව්නි බීලා ඉවරනම් අපිට යන්න පුලුවන් අම්මා බලන් ඇති "

" හ්ම් "
කෝපි කෝප්පයේ මුහුණ ඔබා ගත් දෙව්නි ටිකකින් හිස් කෝප්පය මේසය මත තබා නැගිටුනා.

" හේයි ඒක අමතක කරලා දාන්න මාත් අමතක කලා ,  පුංචි විහිලුවක් නේ ඒක " 

වාහනයට ගොඩවුනු වෙලේ සිට බිම බලන් හිටපු කෙල්ලගේ ලැජ්ජාව නැති කරන්න හිතන් අවීන් කිව්වා.

" මන් විහිලුවට කිව්වේ නෑ අයියා "
ඒත් එක්කම ඇස් දෙකේ කදුලු පුරවන් කෙල්ල අවීන් දිහා බැලුවා.

" නංගි "
මොනා කියන්නද කියලා අවීන්ට තෙරුන්ගන්න බැරිවුනා.

" නංගි ඔයාට මන්ගැන අදහසක් තියෙනවනම් දැන්ම ඒක අමතක කරන්න ප්ලිස්  "
අවීන් තදින් කියනකොට දෙව්නි තම මුහුණ අත්දෙකෙන් වසාගත්තා.

" ඇති දැන් ඔය , අපි මේ කතාව මෙතනින් අමතක කරමු නංගි. ආයේ මේවා කියවන්න ඕන්නෑ  "

" බෑ...... මන් ඔයාට ආදරේ කරන්නේ දැන් ගොඩ කාලෙක ඉදන් , මට ආයේ හැරෙන්න බෑ. ඔයාව අමතක කරන්නත් බෑ " 

" මොන මගුලක්ද කිව්වම තෙරුන් ගන්නවා. මට තමුසේ අහසි වගේ නංගි විතරයි එතනින් එහා මොන මගුලක්වත් නෑ..... "

" එහෙම කියන්න එපා අයියේ මන් මැරෙයි "
දෙව්නි අවීන්ගේ අත බලෙන් ගෙන පපුව මත තබා ගත්තා.

" දෙව්නි ! "
අත ඇදලා දාපු අවීන් කාරය පණගන්වා වේගයෙන් පදවන්න වුනා.

" දෙයියන්ගේ නාමෙට දැන් බහින්න දෙව්නි. මන් මේක ඔයාගේ අම්මට නොකියා ඉන්නම්. කරුණාකරලා මේ විකාර ඔලුවෙන් අතැරගන්න "

අවීන් දෙව්නිගේ පැත්තේ දොර අරින ගමන් බැරෑරුම් විදියට කිව්වා.

කිසිම දෙයක් නොකියා බැහැගත්තු දෙව්නා අවීන් දිහා බලන් ඉද්දිම වාහනය පණගැන්වූ අවීන් වේගයෙන් ඉවතට ගියා.
























ඒකත් හරි 🙂
දෙව්නියා ශෝක් කෙල්ල අනේ 😌

Kiahu aywar

One Day ( BL) (Onhold )Kde žijí příběhy. Začni objevovat