" මේක මන් හෙව්වා "

" 'Carry on'  , කොටස් ඔක්කොම තියෙනවා ඕන්ද ? මන් මේ ආයෙත් කියවන්න කියලා ගත්තේ   "
අහසි මුළුතැන්ගෙට යනගමන් කිව්වා.

" තැන්ක්ස් අහසි "

දිහස් පිටුවක් හෙමින් පෙරලන කොට කෝපි කෝප්පයක් එක්ක ආව අහසි දිහස් ලගින් වාඩිවුනා.

" පුච්චගන්න එපා "
කොෆි ටේබල් එක උඩින් කෝපි කෝප්පය තියලා අහසි කකුල් දෙක සෝපාව උඩට ගත්තා.

" අහසි , කෝ ඔයාගේ අයියා "

" ආහ් , ඔය ගියේ දෙව්නිව ක්ලාස් දාන්න ඕනේ කියලා "

" ම්ම්හ් "
පුංචි සද්දයක් දාපු දිහස් ආයේ පොතට එබුනා.

" යොමාල් අයියලා ඉක්මනින් ආවොත් හොදයි , නැත්තන් දිහස් අයියයි පව් "
අහසි ඈතක් බලන් කියනවා.

" ඇයි නංගි එහෙම කිව්වේ ? "

හුස්මක් පහත දාපු අහසි දිහස් දිහා බලන් හිටියා.

" එදා වෙඩින් එකේදි තෙරුන්නැද්ද ?, දෙව්නිගේ වැඩේ අපේ අයියා පස්සේ. අයියා ඔයාව අතාරින්නෑ , මන් ඒක දන්නවා. ඒත් කවුද දන්නේ අයියා ඕවා හරියට .....  "

" මාත් ඒගැන හිතුවා ටිකක් " දිහස් යාන්තමින් මිමිනුවා.

" මේ අහසි කැමතිද මට?  "
දිහස් බැරෑරුම් පෙනුමෙන් කියන කොට අහසි අහක බලාගත්තා.

" ඒමොකටද  මන් කැමති නෑ "

" අයියෝ නෑ , මන් ඇහුවේ අහසිගේ අයියාව.........මන්......  බැදලා.........ම්ම්.....මේ ඔයාගේ මස්සිනා වෙනවට "

" ආන් එහෙම තෙරෙන සිංහලෙන් කියන්න කුණුහරුප නොකිය "

හිනාවුන අහසි කල්පනා කරන්න ගත්තා.

"  ම්ම්.........මං කැමති , ඇයි අකමැති වෙන්නේ ඉතින් ,  අයියා හොද කෙනෙක් අපේ මොට්ටයටත් ආදරෙයිනේ "

ගොඩවෙලාවක් දෙන්නත් එක්කම ඈතක් බලන් ඔහේ ඉන්නකොට දිහස් ගොඩක් දේ සිතන්න වුනා.

අවීන් නිසා තාම රෙදෙන යටිබඩයි , පිටුපසයි මතක් වෙද්දි දිහාට දුක හිතෙයි. අඩුම තමන්ට කොහොමද කියලවත් ඇහුවද. එකවතාවකට පාවිච්චි කරලා අතඇරලා දැම්මා වගේ උදෙන්ම ගිය එක වැරදි.

One Day ( BL) (Onhold )Where stories live. Discover now