Jm-" baby.. මොකද්ද උනේ ? ඔයා එකපාරම මෙහෙම හැසිරෙන එක ටිකක් හොද මදි.. තව විනාඩි 5ක්වත් ඉදලා යන්න "

ජිමින් මිමිණුවා ...

Jk-" මට මෙතන තප්පරයක්වත් ඉන්න ඕනේ නෑ mumma..  "

ජන්කුක් රහසින් කිව්වේ, ටේහ්‍යුන්ග් දිහා එකපාරක් බලලයි.

Yg-" මොනාද රහසින් කියන්නේ ? "

යුන්ගී , ජිමින් දිහා බලලා ඇහුවා. මොකද අමුත්තෝ ඉස්සරහා ඔය වගේ හැසිරීම් එච්චර හරි නැති හින්දා.

Jm-" අහ්ම්.. නෑ.. එයාට.. එයාට මහන්සීලු .. මං කිව්වේ ..."

ජිමින් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jm-" මං කිව්වේ ගිහින් ටිකක් නිදා ගන්න කියලා.. මොකද පාන්දර ඉදන් දවසම travel කරානේ. ටිකක් rest කරා නම් හරි යයි .."

Yg-" කෑම කාලා නිදා ගන්න "

ජන්කුක් ආයෙත් ජිමින්ගේ කනට ලං උනා.

Jk-" mumma මට කන්න බෑ... "

ජන්කුක් ,ජිමින්ගේ කනට කරලා රහසින් මිමිණුවා .

Jm-" baby හිතුවක්කාර වෙන්න එපා.. ගෙදරට papaගේ යාලුවෙකුත් ඇවිත්. අමුත්තෝ ඉන්න වෙලාවටවත් හොද ලමයෙක් වෙන්න "

Jk-" mumma මට හොද ලමයෙක් වෙන්න ඕනෙ නෑ, ඒ වගේම අමුත්තෝ එක්ක ඉන්න ඕනෙත් නෑ. මට ඕනේ නිදා ගන්න "

ජන්කුක් සැරෙන් සැරේ ටේහ්‍යුන්ග් දිහා බලන ගමන් කතා කරේ ඉරිසියාව , කේන්තිය කියන හැගීම් නොදැනුවත්වම එයාටත් දැනෙනවා කියල නොදැනයි.

Jm-" ගෙදරට අදින ඇදුම් වෙනුවට collage අදින්න ගෙනාව අලුත් ඇදුම් ඇන්දේ අමුත්තන්ට 'nice to meet you ' කියලා නිදා ගන්නද ? "

ජිමින් ජන්කුක් දිහා බලලා සැරෙන් කෙදිරුවා.

Mummaගෙයි, babyගෙයි හැසිරීම යුන්ගී වගේම ටේහ්‍යුන්ටත් notice උනා.

TH-" පේන්නේ Luna ගෙදරට අමුත්තෝ එනවට අකමැති වගේ "

ටේහ්‍යුන්ග්ගේ ගැඹුරු හඩ අවදි උනේ මුලු ගෙදරම ඒ එකපාරම නිශ්ශබ්ද කරන ගමන්.

Jm-" අහ්ම් නෑ... එයා.. එයා කැමති අමුත්තෝ එනවට.. එයා මහන්සි හින්දා නිදා ගන්න ඕනේ කියනවා එච්චරයි .... "

The Choice Where stories live. Discover now