එයාගේ තොල් වලට ආවේ විනාශකාරී හිනාවක්.

D-" සුබපැතුම් මාස්ටර් .. "

ඩේවිඩ් එයා ඉස්සරහා ඉන්න කඩවසම් මාස්ටර්ට සුබපැතුවා. විදුලි එලියට මාස්ටර්ගේ කඩවසම් මූන සැරෙන් සැරේ පේනවා. ඒ ඇස් දිහා බලන්නත් බයානක පෙනුමක් ඇවිත්.

ඒ වගේම මාස්ටර්ගේ තොල් අග තිබ්බේ බලාපොරොත්තු පිරුණු හිනාවක්.

" මගෙ බඩු ඔක්කොම ලෑස්ති කරන්න. මං අදම ගිහින් එයාව බලන්න ඕනේ..... "

D-" හ-හරි මාස්ටර් ...."

ඩේවිඩ් එයාගේ මාස්ටර්ට ආචාර කරලා යන්න ගියා.

මාස්ටර් ආයෙත් කටකොනින් හිනාවෙලා එලිය පැත්තට හැරුනා.

" මං එනවා..... ඉක්මනින් ලොකු වෙන්න... මං ඔයා හොයන් එනවා මගෙ පුංචි mate......"

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

After 16 years

" ඊටපස්සේ මං දැක්කා එයාගේ කට දෙපැත්තේ දිග දත් දෙකක් තියනවා.."

අවුරුදු 16ක විතර ලස්සන පුංචි පිරිමි ලමයෙක් එයාගේ යාලුවෝ වට කරන් කතන්දර කියන ගමන් හිටියේ. ඒ පිරිමි ලමයා ටිකක් භයානක කතාවක් කිව්වේ

එයා කතා කරේ රහසින් වගේ. ඒ එයාගේ කතාව අහන් ඉන්න අයට භයානක හැගීමක් ඇති කරවන්න ඕන හින්දයි.

Z-" අර්හ්... L-luna.. එපා... ඔය කතාව කියන්න එපා.. මට බය හිතෙනවා ..
ඕක.. ඕක නවත්තන්න "

පොඩි omega ගෑනු ලමයෙක් අත් දෙකෙන්ම ඇස් වහගෙන එයාගේ lunaගෙන් ඉල්ලුවා.

Luna ? ඔව් මේ කතන්දර කියන්නේ එයාලගේ luna... මෙයා තවම අවුරුදු 16ක් වයස පුංචි ලමයෙක්. අවුරුදු 16ක් කියන්නේ යාලුවෝ එක්ක එකතු වෙලා මේ වගේ බොරු කතන්දර කියන වයස උනත් මේ දරුවා ඉපදුනේම pack එකේ Luna විදියට.

The Choice Where stories live. Discover now