🏵️🏵️ Suffering 🏵️🏵️

Start from the beginning
                                    

මං කිව්වේ දිග හුස්මකුත් පිටකරලා.

" මට තේරෙනවා නාරා..ඒත් තව ටික දවසක් යද්දි කොහොමත් ඔයාට ඕක ටේහ්‍යුන්ගෙන් හංඟන් ඉන්න බෑනේ..ඒකයි මං කිව්වේ "

සනී කිව්වේ මගේ ඔලුවත් අතගාලා.

" ඔ...ඔව් ඒක ඇත්ත..මං අද කොහොමහරි ටේහ්‍යුන්ට කියනවා අර ජීහු ගෑනි තමයි මේ හැමදේකටම මුල කියලා..එයා මං කියන දේවල් පිලිගත්තත් නැතත් මං අද එයත් එක්ක මේ ගැන කතා කරනවා..මං සෑහෙන දවසක් ඉවසුවා සනී..තවත් ඔය ගෑනිට ටේහ්‍යුන්ව නටවන්න දෙන්නේ නෑ මං "

මං අතකුත් මිට මොලවගෙන කිව්වේ දුකටයි කේන්තියටයි දෙකටම මගේ අැස් වලින් කඳුලු ගලන් යද්දි.

" ඒක හොඳයි නාරා..හැබැයි මොනදේ කරත් පරිස්සමින්. ඔයා දන්නවනේ කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ කියලා..ම්ම්.."

සනී මගේ කම්මුල් වල තිබුනු කඳුලු පාරවල් අත්වලින් පිහදාලා කියද්දි, මං ලාවට හිනාවෙන ගමන් එයා දිහා බලලා ඔලුව වැනුවා.
-
-
-
-

~~ @ Evening ~~

" ඕහ්! ටේහ්‍යුන් ඇවිත්! "

ටේහ්‍යුන්ගේ කාර් එක වත්තට දාන සද්දේ අැහෙනවත් එක්කම මං බැල්කනි එකට ගිහින් පහල බලන් හිටියේ ටේහ්‍යුන් වාහනෙන් බහිනකන්.

" ආශ්! This annoying bitch! "

ටේහ්‍යුන් කාර් එකෙන් බහිනවත් එක්කම මං දැක්කේ එහාපැත්තේ දොරෙන් සිරික්කිය දාගෙන බහින ජීහුව. ටේහ්‍යුන් ඒ පාර මේ ගෑනිව වැඩ අැරුනට පස්සෙත් ගෙදර එක්කන් එන්න පුරුදු වෙන්නද හදන්නේ?..

දැන් නම් මේ මඟුල් දිහා බලාගෙන හිටියා හොඳටම ඇති!

මං දත්මිටිත් කාගෙන අඩියට දෙකට පඩිපෙලෙන් බැහැලා living room එකට යනකොටත් ටේහ්‍යුනුයි, අර සක්කරවට්ටමයි සෝෆා එකට වෙලා හිනාවෙවී මොනවද කතා කර කර ඉන්නවා.

" ටේහ්‍යුන්!! "

මං ලොකු හුස්මක් අරන් ටේහ්‍යුනුයි ජීහුයි ඉස්සරහට ගිහින් ටේහ්‍යුන්ට ටිකක් සද්දෙන් කතා කරා.

" ඕහ්! නාරා! හොඳ වෙලාවට ඔයා ආවේ..ගිහින් ජීහුට ජූස් එකක් හදන් එනවද? "

~Bobby~ || KTH ✔️Where stories live. Discover now