"යාහ්.. යාහ්..එයා කොහොමද එහෙම ගානක් නැතුව එයාගේ boyfriend එක්ක බුසාන් යනවා කියලා මට කියලා යන්නේ යාහ්...ඕහානීහ්....."

තේහයුන් එවපු වාහනේ ඕහානීත් එක්ක පිටත් වෙලා ගියාට පස්සේ කුලප්පු වුන මිස්ටර් මින් කම්මැලි කමට කවුච් එකේ වාඩි වෙලාම බෙරිහන් දෙන්න ගන්න කොට ජිමින් කට ඇද කලා....

"මං ඒක තමයි මෙච්චර වෙලා ඔයාට කිව්වේ යූන් පපා!! අපි තව ටිකකින් බුසාන් යන්න ඕන... නූනව අතේම අල්ල ගෙන අර තේහයුන් ට හොදට දෙකක් දෙන්න ඕන!! "

ජිමින් කියද්දී ඔලුව වනපු මිස්ටර් මින් අත දික් කරලා ටැන්ජරින් එකක් අරගෙන පොතු අරින්න පටන් ගත්තා.....

"මං ජන්කුකීටයි අංකල් කිම්ටයිත් එන්න කියන්නම්!!"

ජිමින් කිව්වා,  තව ටැන්ජරින් ගෙඩියක් අතට අරගෙන මිස්ටර් මින් ඔලුව වැනුවා....

"ආ තව අංකල් ජින්ටයි   අංකල් සොකී ටයිත් එන්න ඕන කිව්වා!!"

තව ටැන්ජරින් ගෙඩියක් අතට ගන්න ගමන් මිස්ටර් මින් ආයේත් ඔලුව වැනුවා.... ටැන්ජරින් සිහියෙන් ඉන්න නිසා එයා දැනගෙන හිටියේ නෑ එයා මේ ඔලුව හතර වටේ වන වන අවසර දෙන්නේ එයාගේ අහිංසක දුවගේ පරම පිවිතුරු ආදර කතාව අල කරලා දාන්න කියලා....

___________________________________

"ඔහ් ගුකී බේබි මමාට සැක හිතුනේ නෑනේ!!"

එකසිය තිස් තුන් වෙනි වතාවටත් එයාගේ පපා ඇස් ලොකු කරලා අහනකොට ජන්කුක් ඔලුව දෙපැත්තට වැනුවා....ආහ් ඇත්තටම බෝරින්ග්!! මමා ඔෆිස් යනකන් බොරුවට වොෂ් රූම් එක ඇතුලට වෙලා හිටපු පපා මමා ගේ වෙහිකල් එක ගේට් එකෙන් එලියට යනවත් එක්කම එලියට ඇවිත් ආපු වෙලේ ඉදලා ජන්කුක් ගේන් ඇහුවේ ඕක විතරයි... 

ජන්කුක් හිටියේ breakfast ගන්න ගමන්... එයාගේ පපා හිටියේ ලිවින්ග් රූම් එකේ එහා මෙහා ඇවිදින ගමන්... පපාත් ජන්කුක් වගේම බ්ලැක් කලර් ෂෝට් ස්වෙට් පෑන්ට් එකක් ඇදලා වයිට් කලර් ටීෂර්ට් එකක් ඇදලා හිටියා.... ජන්කුක් දාගෙන හිටපු බකට් හැට් එක වෙනුවට පපා බ්ලැක් කලර් NY කැප් එකක් දාලා හිටියා... ඇත්තටම ජන්කුක් ගේ පපා ගොඩක් හැන්ඩ්සම්.....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now