🦋.10th

934 215 20
                                    

ආපහු වතාවක් හිනාවුන ඕහානී උඩ පැනලා පපාගේ බෙල්ලේ එල්ලිලා කම්මුලට කිස් එකක් දුන්නා... වෙන වෙලාවක නම් පපා ගේ හෙල්ලිලා යන්න හජිමා කියලා කෑ ගහනවා වුනත් මේ වෙලාවේ පපා කලේ ආපිටට ඕහානීව හග් කරපු එක....

ඒ නිසාම කලාතුරකින් ඇස් වලට එන කදුලු බෝල දෙකක් ඇස් අගිස්සේ නලියද්දී පපා ලගින් අයින් වුන ඕහානි ආන්ටි වූනීවත් හග් කරලා වාහනේ ලගට ඇවිදගෙන ගියා.....

එයා කලින්ම ජිමින් ට බායි කියල තිබුන නිසා ජන්කුක් ට ත් මැසේජ් එකක් තියලා එයා යනවා කියලා කිව්වා..... අද ඕහානි ලන්ඩන් යන දවස.... තේහයුන් මීට දවස් තුනකට කලින් ලන්ඩන් වලට ගියත් තේහයුන් ගේ ගාඩ්ස්ලා කීප දෙනා ඇරෙන්න ස්ටාෆ් එකේ කවුරුත් ඒ ගමනට එකතු වුනේ නෑ....

මොකද ඒක තේහයුන් ගේ පෞද්ගලික ගමනක් නිසා....  අද තමයි ස්ටාෆ් එක ගමනට පිටත් වෙන දවස... පැය දාහතරකට ආසන්න ගමනකට පස්සේ ඕහානී කට්ටියත් එක්කම එයාලට වෙන්වෙලා තිබුන හොටෙල් එකට ආවා...

තමන් ලන්ඩන් වලට ආවා කියලා තේහයුන් ට sms එකක් තියපු ඕහානී එහෙමම ඇදට වැටුනේ හෙට වෙනකන් වෙන විශේෂ වැඩක් යෙදිලා තිබුනේ නැති නිසා....  එයාගේ පපා වගේ ම එයත් ජීවිතේ වැඩි පුරම කැමති දේ අයිනක් අල්ලගෙන හොදට නිදාගන්න එක.......
____________________________________

"ඔහ් මිස්ටර් හේසෝක් යූ ආ සෝඕඕඕ හැන්ඩ්සම්!! අයි රියලි ලයික් යූ!!!"

ඒජන්සි එකේ request එකකට අනුව හොටෙල් එකෙන්  උදව්වට ආපු staff හෙඩ්  මිස් මරියා කියනකොට අංකල් හේසෝක් ස්ටෝබෙරි ගෙඩියක් වගේ රතු වෙන දිහා ඕහානි බලාගෙන හිටියේ හිනාව හංගගෙන...

"ඔහ් මිස් මරියා දකිනකොට මට මතක් වෙන්නේ බේබිස්  ඩේ අවුට් මූවී එකේ අර මහත ගෑනු කෙනා!!!"

අංකල් හේසෝක් ගේ අත ගැලවෙන්න තරම් හයියෙන් හොල්ලන මිස් මරියා දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන බෙක්හයුන් කියන කොට මෙච්චර වෙලා හංගගෙන හිටපු හිනාව ඕහානීගේ කටින් එලියට පැන්නා...

ගෝව්ඩ් බෙක්හයුන් කිව්වමයි ඔහානීට ඒක මතක් වුනේ.... ඇත්තටම මිස් මරියා ඒ වගේමයි.... රතු පාට කෙටි කොන්ඩේ....වැඩි උසක් නැති ඕනවටත් වඩා මහත ශරීර කූඩුව.... පලාතම හෙල්ලිලා යන්න තියන කට හඩ.... ගෝඩ් ඕහානීගේ මූනේ හිනාව උතුරනවා.... මේ අස්සේ අංකල් හේසෝක් ඕහානී දිහාවට බේරගන්න කියන බැල්මක් දාගෙන අඩන්න බැරුවට හිනා වෙවී ඉන්නවත් ඕහානී දැක්කා......

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now