🦋14nth

796 204 62
                                    

උඩ තට්ටුවේ කාමරේක කබඩ් එකක් අවුස්සපු තේහයුන් සුදු පාට සැටින් හවුස් කෝට් එකක් හොයා ගත්තා.... ඕහානී ට සුදු පාට කර්ට්න් දෙකක් හම්බ වුනේ තවත් කාමරේක තිබිලා.... ඒ කාමරේම බෙඩ් සයිඩ් ටේබල් එකේ තිබුන drawer එකෙන් ගත්ත කතුරෙන් කර්ට්න් එකේ ඇස් දෙක වගේ තියෙන්න පොඩි සිදුරු දෙකක් හදපු තේහයුන් එකක් ඕහානීට දීලා අනික එයා ඔලුවට දාගත්තා....

බිම ගෑවෙන්න තරම් දිගට තිබුන කර්ට්න් එක ඔලුවට දාගෙන අත් දෙක දෙපැත්තට විහිදලා රූකඩයක් වගේ දෙපැත්තට වැනුන තේහයුන් නියම හොල්මනක් වගේම හිටියා.....

අහංකාර අයිඩල් තේහයුන් කිම් පාලු මන්දිරේක ඕහානී එක්ක හොල්මන් සෙල්ලම් කරනවා!!! මේක අහලා  ජන්කුක් පපුව අල්ලගෙන කලන්තේ දාලා වැටෙන හැටි ඕහානීට මැවිලා පෙනුනා.....

"හේයි ඕහානී ලෙට්ස් ගෝ!!"

ඔහානී දිහාවට නැමිලා අත් දෙක ඉස්සරහට දික්  කරලා තේහයුන් කිව්වා... අත්දෙක ඉස්සරහට දික් කරගත්ත තේහයුන් හොල්මනක් වගේ පඩිපෙළ දිගේ පහලට බහිනකොට ඕහානී පඩිපෙළ ලග හිටගෙන පහල බලාගෙන හිටියා..... 

ඇත්තම හොල්මනක් වගේ පඩි පේලී පහක් විතර ගැම්මට බැහැපු තේහයුන් දිහා බලාගෙන හිටපු ඕහානිගේ මූනේ ආඩම්බර හිනාවක් ඇදුනා... ඔහ් ඇත්තටම එයා හැන්ඩ්සම් හොල්මනක් ඕහානීට හිතූනා.....

ඒත් ඒ සිතුවිල්ලට ආයුෂ තිබුනේ චූටි වෙලාවක් විතරයි..... මොකද ඕහානී එහෙම හිතනවත් එක්කම දිගට තිබුන රෙද්දේ කකුල පැටලුන තේහයුන් පරන මමියක් වගේ පඩිපෙළ දිගේ රෝල් වෙලා ගිහින් තඩ් ගාලා සද්දෙකුත් එක්ක පඩිපෙළ පාමුලට වැටුනා....

හිටි හැටියේ පඩිපෙළ දිගේ පහලට බැහැගෙන එන විකාර පෙනුමක් තියෙන හොල්මන නිසා තක්බීර් වෙලා හිටපු මරියා සොක් ජෝඩුව බිරාන්ත වෙලා හූ තියන්න ගත්තේ හොල්මන රෝල් වෙලා එයාලා ගේ පැත්තට එන්න ගත්ත නිසා....
ඒත් එක දිගටම රෝල් වුන හොල්මන පඩිපෙළ පාමුල නැවතුනාම කකුලක් බිම ගහලා නැගිටපු මිස් මරියා නහයෙන් පිබලා  අතේ තිබුන ලේන්සුව ගසා දාලා එයාගේ ඇගේ එල්ලිලා විලාප තියන හේසෝක්ව පැත්තකට ඇදලා දැම්මා.... ඊලගට එයා අඩි කීපයක් වැටිලා හිටපු හොල්මන දිහාවට තිබ්බා.....
ඒත් එක්කම තේහයුන් වැටිලා හිටපු තැනට ටිකක් එහායින් තිබුන කොරිඩෝ එකකින් තවත් කර්ට්න් හොල්මනක් එලියට ආවා....ඒ පිටිපස්සෙන් තවත් හොල්මනක්.... ඒ පිටිපස්සෙන් තවත් එක්කෙනෙක්..තවත් එක්කෙනෙක්.... ගෝව්ඩ් හොල්මන් පැටව් ගහලා වගේ.... ඕහානී ඇස් පුංචි කරගෙන කල්පනා කලා.....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now