🦋.7nth

932 218 18
                                    

ඕහානීගේ කල්පනාව අතරේම වාහනේ exhibition hall එක ලගින් නවත්තන කොට,  ක්ලාරා ඉක්මනින් දොර ඇරගෙන එලියට බැස්සා.... ඒ පිටිපස්සෙන් ඕහානිත්  ඊලගට තේහයුනුත් බැස්සා.... තේහයුන් බහිනවත් එක්කම  අනිත් වාහනේ ආපු ගාඩ්ස්ලා ටික දුවගෙන ඇවිත් තේහයුන් මැදි වෙන්න හිටගත්තා....

ඒත් එක්කම කලබලෙන් ඉස්සරහ බලපු තේහයුන් දිග අඩි තියලා exhibition hall එකෙන් එලියට එන දොර ලගට ඇවිදගෙන යනකොට වටේ පිටේ හිටපු ගෑනු ලමයි ටිකත් යටි ගිරියෙන් හූ කියන ගමන් phone උස්සගෙන ඒ පැත්තට දුවගෙන ගියා.....

ඕහානිත් ඉක්මනින් ඒ පැත්තට ඇවිදගෙන ගියේ තේහයුන් ගේ අත්තා මුත්තා එක්ක මුලු හත්මුතු පරම්පරාවම මතක් කරන ගමන්.....

"අංකල් නම්ජූන් මොකද මෙතන කරන්නේ!!"

තේහයුන් අහනකොටයි ඕහානී ඔලුව උස්සල ඉස්සරහ බැලුවේ....
එතකොටයි ඕහානී තක්බීර් වෙලා ඉන්න නම්ජූන් ව දැක්කේ.... ඒත් එක්කම  ජන්කුක්  පොල් ගහක් හොල්ලන පිස්සු හැදුන අලි පැටියෙක් වගේ එක දිගට අංකල් ජූන් ව හොලවන්න ගත්තා....

ඒත් ටිකකින් ආපහු එයා කලන්තේ දාලා අංකල් ජූන් ගේ ඇග උඩටම වැටෙන කොට ඕහානි ඉක්මනින් අතේ තිබුන වතුර බෝතලේ පියන ඇරියා....ඒත් පියන අරින ටිකට සිහි නැති වුන මනුස්සයා නැගිටලා ඉන්නවා දැකපු ඕහානී කට කොනක් ඇද කරලා අංකල් ජූන් දිහා බැලුවා... ඇත්තටම ඒ වෙලාවේ වතුර ඕන වෙලා හිටියේ එයාට.....

"ආහ් බේබි....තේහයුන් ගේ පපා මගේ බෙස්ට් freind කෙනෙක්නේ... ඔයා දන්නවනේ අංකල් සියොක්ජින්!!!"

මිස්ටර් ජූන් කියද්දී,  ජන්කුක් ඇස් ලොකු කරගන්න කොට,  පුදුමෙන් ඒ පැත්ත බලපු ඕහානී,,,

"වාආට්!! අර කෑ ගහන ඩිරෙක්ටර් අංකල් ජින් මෙයාගේ පපාද!!!"

කියලා ඇහුවා!!! හොදයි එයාලා දෙන්නම එක වගේ හැන්ඩ්සම් තමයි, ඒත් එයා තේහයුන් ගේ පපා කියලා ඕහානි නිකමට වත් හිතුවේ නෑ.... තේහයුන් එයාගේ පවුලේ අය ගැන කිසිම විදියක පින්තූරයක් මීඩියා වලට දුන්නේ නෑ...ඒ නිසාම කවුරුත් එයාගේ family එකේ අයව දැනගෙන හිටියේ නෑ....

කට්ටියම හිටියේ exhibition hall එකට එහායින් තිබුන හොටෙල් එකේ ස්පෙශල් ඒරියා එකේ වාඩි වෙලා..... තේහයුන් ව අදුරන්නේ කොහොමද කියලා අහන ජන්කුක් ගේ වදෙන් බේරෙන්න බැරිම තැන අංකල් ජූන් තේහයුන් ට කිව්වා exhibition එක බලලා ඉවර වෙලා එයාලත් එක්ක ලන්ච් ගන්න එන්න කියලා....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now