19

857 201 21
                                    

පාන්දර තුනේ ඉදලා සැරෙන් සැරේට කෝල් කර කර වද දෙන තේහයුන් ට පින් සිද්ධ වෙන්න ඕහානි උදේ අට වෙද්දි යන්තන් ලෑස්ති වෙලා පහලට ආවා .... එයා තාමත් හිටියේ බාගෙට නිදි කිරන ගමන්... ඒත් තේහයුන් සැරෙන් සැරේට කෝල් කර කර වෙලාව මතක් කරපු නිසා එයා ටිකක් ඉක්මනින් රෙඩි වුනා.....
තේහයුන් excite වෙලා ඉන්නේ... ඕහානි හිතුවා.... ඔහ් ඇත්තටම එයාට වෙනදා වගේ කරදකාර තේහයුන් ගැන තරහක් ඇති වුනේ නෑ....ඒ වෙනුවට එයාගේ මූනේ ලස්සන හිනාවක් ඇදුනා..... තේහයුන් ට හදිසියේම එයාගේ ඇල්බම් එකේ වැඩකට බුසාන් යන්න වෙලා...ඒකයි එයා උදේ ඉදලම ඕහානීට කරදර කරන්නේ... ඒත් එහෙම දෙයක් ගැන තේහයුන් ගේ මන්ත්ලි ෂෙඩුල් එකේ නැථි නිසාම ඕහානි කෝකටත් අංකල් හේසෝක් ට කෝල් එකක් අරගෙන ඒක ස්ථිර කරගන්න හිතුවා....
අංකල් හේසෝක්ගේ  phone එකෙනුත් ඕහානීට ඇහුනේ තේහයුන් ගේ කටහඩ,ගෝව්ඩ් එයාට හොදටම පිස්සු,  කෝමද එහෙම වෙන්නේ....😌😌 බට් කොහොම වුනත් අංකල් හේසෝක් බුසාන් ගමනට තේහයුන් එක්ක යන්න කියලා ඕහානීට බල කරලම කිව්වා... මැසේජස් පහක්ම එව්වත් එක්ක....

නිදිමත බේරි බේරි පඩිපෙළ බැහැගෙන පහලට එනකොටම ඕහානීගේ ඇස් උඩ ගියේ සෝෆා එකේ වාඩි වෙලා ඉන්න එයාගේ පපාගේ මූන ඉස්සරහින් ලොකු ටැන්ජරින් මල්ලක් වන වනා ඉන්න ජිමින් ව දැක්කම..... හොදයි පපා ලවා මොනවා හරි කරගන්න ඕන වුනාම ජිමින් මේ වැඩේ කරනවා....

"චිම්!!"

ජිමින් ව උඩ විසික්කා වෙලා යන්න ඕහානී කෑ ගැහුවම ජිමින් ගේ අතේ තිබුන ටැන්ජරින් මල්ල ගැස්සිලා ගිහින් ඕහානීගේ පපාගේ මූනේ වැදුනා.... මෙච්චර වෙලා වශී වෙලා වගේ ටැන්ජරින් මල්ල දිහා බලාගෙන හිටපු පපා නලල අත ගාන ගමන් ඕහානි දිහා බලද්දි ඕහානී හිනා වෙලා පපාට ගුඩ් මෝනින් කිව්වා.....

"මං තේහයුන් එක්ක බුසාන් යනවා පපා...සී යූ....!!!"

පපා ලගට ඇවිදගෙන ගිහින් කරවටේ අත දාලා පපාගේ කම්මුලක් කිස් කරලා ඕහානී කියද්දී වෙනදා වගේ හජිමා කියනවා වෙනුවට පපා ගල් ගැහිලා බලාගෙන හිටියා.. .ඕහානී ඒ ගැන අහන්න හැදුවත් ඊට කලින් තේහයුන් කෝල් කරපු නිසා ඕහානී ගෙයින් එළියට ඇවිදගෙන ගියා......

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now