🦋.13nth

816 198 32
                                    

අද MV එකේ ෂූටින්ග් වල අන්තිම දවස.... හේතුවක් නැතුවම ඕහානී ගේ කම්මුල් මුලු දවසේම චෙරි පින්ක් කලර් වෙලා තිබුනා....තේහයුන් ට ඇරෙන්න වෙන කෙනෙක්ට ඒක වැඩිය නෝට් වුනේ නෑ.... මොකද ඉතින් තේහයුන් ට ඕහානී ගේ මූන දිහා බලාගෙන ඉන්න වෙලාව තිබුනට අනිත් අයට කරන්න වැඩ  තිබුනනේ 😌😌....

උදේ ඉදලම පුංචි වැහි බීරමක් තිබුනත් හවස් වෙනකන් වහින එකක් නෑ කියලා හැමෝටම තේරුනා....
කලින් දවසේ නෙට් එකක් අරගෙන ඇවිත් විදපු කරදරේ මතක තිබුන නිසා මෙදා සැරේ මිස් මරියා නෙට් එක ගෙනත් තිබුනේ නෑ.... හැබැයි ඒ වෙනුවට එයා ලොකු අවානක් අරගෙන ඇවිත් තිබුනා....

ඒකෙන් එයා අංකල් හේසෝක් ගේ වටේ කැරකෙන පොඩි කුරුමිණියො සේරටම එලොව පොල් පේන පාරවල් දුන්නා ඈතට වීසී වෙලා යන්න..... ඉදලා හිටලා  අංකල් හේසෝක් යටි ගිරියෙන් බෙරිහන් දෙනකොට ඒ කුරුමිනියෙක් අංකල් හේසෝක් ගේ ඇගේ වහලා කියලා හැමෝටම තේරුනා.... මොකද මිස් මරියා කුරුමිණියා ට ලේසියෙන් බේරිලා යන්න දුන්නේ නෑ ලොකු අවානෙන්  කුරුමිණියා ව චප්ප කරලා දාන්න එයා දෙපාරක් හිතුවෙ නෑ...ඒත් ඒ වෙලාවට  එයාට අමතක වෙනවා කුරුමිණියා ඉන්නේ අංකල් හේසෝක් ගේ ඇගේ කියන එකත්....අංකල් හේසෝක් එක කකුලක් උස්සගෙන අත් දෙක අකුලගෙන බෙරිහන් දෙන කොට තමයි එයාට ඒක මතක් වෙන්නේ..... එතකොට ඉතින් අංකල් හේසෝක් ට හොද පාරවල් දෙක තුනක් වැදිලා ඉවර එක වෙනම කතාවක් 😌.....

තේහයුන් දෙතුන් වතාවක් අවුල් කරගත්තා  වුනත් අන්තිමේදි හවස තුන විතර වෙනකොට ෂූටින්ග් ඉවර කරන්න පුලුවන් වුනා.... ෂූට් එක ඉවර කරලා පොඩි ටී පාටී එකකින් පස්සේ කට්ටියම ඩිසයිඩ් කරා forest එක ඇතුලේ ටිකක් ඇවිදලා බලන්න.....

Autumn එක නිසා  කහ තැබිලි පාටක් අරගත්ත කැලෑව හරි ලස්සන දර්ශනයක් මැව්වා.... හැමෝම කැමති වුනත් අංකල් හේසෝක් ගත්කටටම බෑ කිව්වා....

හැමෝම forest එක ඇතුලට යන අඩිපාර දිගේ ඉස්සරහට යනකොට මිස් මරියත් ගිහින් අංකල් හේසෝක් ගේ එහාපැත්තෙන් වාඩි වුනේ අංකල් හේසෝක් ට තනි කම් දෝසේ හැදෙයි කියලා වෙන් ඇති කියලා ඕහානි හිතුවා....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈTahanan ng mga kuwento. Tumuklas ngayon