🦋.9th

902 224 12
                                    

ජන්කුක් ගේ පාපොච්චාරණය අහගෙන ඉදලා ආපහු කම්මුලට අත තියාගෙන බිම වාඩිවුන ඕහානී කවුච් එක උඩ තියන බොක්සර් එක දිහා බැලුවා....
ඇත්තටම එයාට ඕන වුනේ නෑ ඒක ආපහු තේහයුන්ට ගෙනිහින් දෙන්න...ඒත් ඒක ආපහු දෙන එක තමයි හොදම විසදුම කියලත් ඕහානී දැනගෙන හිටියා.....

"හානී නූනා!!"

ජිමින් ගේ phone එක රින්ග් වුන නිසා ජිමින් එතනින් එහාට යද්දී, බිම දිගේ ඇදිලා ඕහානී ලගට ආපු ජන්කුක්  හෙමින් කථා කරද්දි ඕහානී ඔලුව හරවලා ජන්කුක් දිහා බැලුවා...

"නූනා කැමති නම් මං උදව් කරන්නම් ඒක ආපහු තියන්න!!"

එයාගේ doe ඇස් තව ටිකක් රවුම් කරලා කට උල් කරලා ජන්කුක් කිව්වා.....

"නූනා හෙට මාව ටේටේගේ ගෙදරට එක්කන් යන්න...මං ඒක ටේටේට පේන තැනකින් තියන්නම් නූනට ප්‍රශ්නයක් නැති වෙන්න!!!"

ඔහ්  චූටී කුකීට නූනාට  උදව් කරන්න ඕන වෙලා!!!!

ෆූහ් ඕහානී දන්නවා බතල කුකියා හැරෙන්නේ එක ගලෙන් කුරුල්ලො රොත්තක්ම මරා ගන්න කියලා... ඒත් ඕහානීට ඒ ගැන හිතන්න ඕන වුනේ නෑ.....මොකද එයාට ඕන වුනේ මොන දේ කරලා හරි මේ වදකාර බොක්සර් එකෙන් ඈතට වෙලා ඉන්න විතරයි....

එයාට කීයටවත් ඕන වුනේ නෑ ආපහු වතාවක් ඒක පොකට් එකේ දාගෙන එහා මෙහා යන්න....

"ඇත්තටම නූනා කැමති නැත්නම් ඕන නෑ...මට ඕන උනේ නූනාට උදව්වක් කරන්න විතරයි!!!"

හුරතල් හා පැටියෙක් වගේ ජන්කුක් කියනකොට, වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා පැත්තක තිබුන සපත්තු දෙක අතට ගත්ත ඕහානී දොර දිහාවට ඇවිදගෙන ගිහින් පිටිපස්සට හැරුනා......

"හොදයි ඔයාට පුලුවන් හෙටට විතරක් එන්න!! හැබැයි කුකී මං කියන විදියට ඉන්න ඕනේ අරස්සෝ!!!"

ජන්කුක් යට තොල හපන ගමන් වේගෙන් ඔලුව වනද්දී සැහැල්ලු හුස්මක් ඉහලට ගත්ත ඕහානී රූම් එකෙන් එලියට ගියා....

____________________________________

"ආයිෂ් කුකී!! අංකල් ජූන් ඔයාට අතුරුපස ට කන්න දෙන්නේ කලුගල්ද ආ!!!"

කැරට් අලයක් දැක්ක මහත හා පැටියෙක් වගේ දුවගෙන ඇවිත් කිසි අනුකම්පාවක් නැතුව ස්කූටර් එක උඩට පැනලා වාඩි වුන ජන්කුක් දිහා බලලා ඕහානි කෑ ගැහුවා...

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now