🏵️🏵️ Hurting 🏵️🏵️

Start from the beginning
                                    

අඩුම තරමේ ටේහ්‍යුන් මට එකම එක අවස්ථාවක්වත් දෙනවා නම් එදා මායි ජන්කුකුයි අතරේ සිද්ධ වුනු දේ එයාට පැහැදිලි කරන්න..

මං දැන් කිම් මැන්ෂන් එකේ ඉන්නේ හරියට බෝඩිම්කාරයෙක් වගේ. මං මෙහෙන් එලියට කියලා යනවා යන්නේ මගේ යුනි එකට විතරයි. ඉතුරු හැම වෙලාවකම මං ඉන්නේ අපේ කාමරේ අස්සට වෙලා.

මං දන්නවා ටේහ්‍යුන් කලින් වගේ මං යන එන තැන් ගැන කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නෑ කියලා. ඒත් මට ඕන වුනා එයාට පෙන්නන්න මං ඇත්තටම වෙනස් වෙලා කියලා. එයා මාව නොදැක්ක ගානට හිටියත් මට ඕන වුනා මං එයාට බොරු කරන්නේ නෑ කියලා පෙන්නන්න.

මටම පුදුමයි මං මාසයක්ම ටේහ්‍යුන්ගේ කටහඬවත් අහන්නේ නැතුව හිටියා කිව්වම. එක ගෙදරම ඉඳලත් ටේහ්‍යුන් දැන් මට අල්ලන්නවත් බැරි තරමටම මගෙන් දුරස් වෙලා.

සමහර විට මං එදා ජන්කුක්ව හම්බවෙන්න යන්න කලින් ඕන දෙයක් වෙන්න කියලා එකපාරක් හරි ටේහ්‍යුන්ට කිව්වා නම්, ටේහ්‍යුන් මාව විශ්වාස කරන්න තිබුනා.

ඒත් මගේ වෙලාවටම ඒ හැමදේම සිද්ධ වුනේ අනිත් පැත්තට. මං දන්නේ නෑ ජන්කුක්ට ඕන වුනු හැමදේම මං කරලා දුන්නට පස්සෙත්, එයා ආයෙමත් වතාවක් මගේ ජීවිතේ අවුල් කරලා දැම්මේ මොන හේතුවකටද කියලා. කොහොම වුනත් මං මගේ ජීවිතේ පසුතැවෙන එකම කාරනේ තමයි ජන්කුක් වගේ සර්පයෙක්ව මගේ ජීවිතේට ලංකරගත්ත එක.

I hate you Jungkook!!
I hate you more!!


ටේහ්‍යුන් හිටියේ අපේ කාමරේ බැල්කනියේ අත් වැටට හේත්තු වෙලා විස්කි ග්ලාස් එකක් හිස් කරන ගමන්. පුදුමයි..එයා මාසෙකට පස්සේ ඔෆිස් අැරිලා හවස පහ වෙද්දි අද ගෙදර ආවා. ඒ ඇවිත් වොෂ් දාගත්ත වෙලාවේ ඉඳන් ටේහ්‍යුන් විස්කි bottles දෙක තුනකුත් අරන් ගිහින් කරේ, බැල්කනි එකට වෙලා ඒවා තනියෙන්ම බීපු එක.

මට මතකයි දවසක් ජින් කියපු විදිහට ටේහ්‍යුන් කියන්නේ cigarettes, drinks ගන්න කෙනෙක් නෙමෙයි කියලා. ඒ කතාව මං අැත්ත කියලා දැනගත්තේ, ටේහ්‍යුන් මාත් එක්ක රන්ඩු වුනු දවස වෙනකන්ම මං ඉන්නකොට කවදාවත් drinks අරගෙන ඉඳලා නැති නිසා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now