" අම්මෝ මහන්සි වගේම බඩගිනි අයියා. අපි මේ අයියව ගෙදරින් දාලා රෙස්ටුරන්ට් එකකට යන්ද  "

" ආහ්.........එහෙම්මම ඕන්නෑ දෙව්නි මටත් බඩගිනි උදේ ඉදන් මුකුත් කලා නෑ මාත් , අපි හොද තැනකින් නවත්තමු අවී "
දිහසුත් හුරුබුහුටියට ඇදලා පැදලා අපි හොද තැනකින් නවත්තමුයි කිව්වා.

ඇස් හිනි කරලා දිහස් දිහා බලපු අවීන් එළවන ගමන්ම හිමින් තම ඇගිලි නව නව ගණන් කරන්න වුනේ පන්සලට යනකනුත් ගිහින් එනකනුත් විද්වාන්ලා සමගත් ගත්තු කෑම ලයිස්තුවයි.

" අම්මපා මෙහෙම කාපු එකෙක් තව ලැජ්ජ නැතුව ඔහොම කතාවක් කියන්න මුගේ කට ඇරුණනේ දෙයියනේ "
හිතින්ම බැණ බැන හොද තැනකින්ම නැවැත්තුවේ අද මුට කන්න දීලම මරනවා කියලා හිතාගෙන.

" අනේ තැන්ක්ස් අවී අයියා "
නවත්තපු ගමන් දෙව්නි ඉස්සරහට බර වෙලා අවීන්ගේ ගෙලවටා අත යවලා කම්මුලින් හාදුවක් තබා වාහනයෙන් බැස්සා.

දිහස් අවීන් දෙසත් දෙව්නි දෙසත් බලා ඉදලා හිමින් වාහනෙන් බැස ගත්තා.

" අයියා දන්නවා නේ මන් ආස දේවල් "
අවින්ගේ අනෙක් පසින් වාඩිවුන දෙව්නි තොල් උල් කරන් හුරුබුහුටියට කියන කොට දිහස්ට පපුව ගිනිගන්නා වගේ දැනෙයි.

මට මෙච්චර හුරතල් වෙන්න බෑ මාව පිස්සෙක් වගේ පෙනෙයි. ඒවුනාට මෙකිගේ හුරතලේට අවීට ආස හිතෙයිද , දිහස් පැත්තක් බලාගෙන කල්පනා කරන්න ගත්තා.

" දිහස් , දිහස් ඔයාට මොනාද ඕන "
කල්පනාවේ ගිලිලා ඉන්න දිහස්ගෙන් අවීන් ඇහුවම හැරිලා බලපු දිහස් ,

" දැන් මුකුත් ඕන්නෑ බන් " කියලා කිව්වේ අවීන් ටිකක් ගැස්සෙනකොට.

" චුටී !? "
අවීන් ඇස් ලොකු කරලා රහසින් ඇහුවේ කවදත් නැතුව දිහස් බන් කියලා කතා කරපු නිසා.

ඊට හිනාවෙලා උරෙස් හැකිලිව දිහස් අහකබලාගත්තා.

හිමින් දෙපසට ඔලුව වනපු අවීන් කවුන්ටරේ ගාවට යනහැටි බලන් ඉදලා දිහස් දෙව්නි දිහා බැලුවා.
දෙව්නිත් කිසි පැකිලීමක් නැතිව අවීන් දිහා බලන් ඉන්නවා දැකපු දිහස්ට අනාගතේ ටිකක් දුශ්කර වෙයිදෝ කියලා හිතුනේ නිතැනින්මයි.

One Day ( BL) (Onhold )Where stories live. Discover now