"ජිමින්... අනේ සන්සුන් වෙන්න-"
"සන්සුන් වෙන්න!? අර පිස්සු යකා මගෙ දරුවව කිඩ්නැප් කර ගෙන ගිහිල්ලයි තියෙන්නෙ!! මං කොහොමද සන්සුන් වෙන්නෙ ආහ්!?" ටේහ්‍යොන්ගෙ කතාව මැද්දෙන් නවත්තපු ජිමින් ටේට කඩා පැන්නෙ, කාමරේ එකතු වෙලා ඉන්න මුලු හැමෝම ගැන පුදුම තරම් කේන්තියකින්.
"ජිමිනාහ්... ජන්ග්කුක්, නාම්ජූන්, යූන්ගි ඔක්කොමලාම එයාව හොයන්න ගියානෙ. මට හොඳටම විශ්වාසයි එයාලට දරුවව-"
"ප්ලීස් අප්පා! ඔයා පැත්තකට වෙලා ඉන්න!" ජිමින් ආයෙමත් කේන්තියෙන් කෑ ගැහුවා.
එයාට එයාගෙ අප්පාට නපුරු වෙන්න ඕනෙ නැති උනත්, දෙයියන්ගෙ නාමෙට ඒ නැති වෙලා ඉන්නෙ එයාගෙ ලෙයින් ඉපදිච්ච දරුවා. ඒ වගේම එයාගෙ පුතා දැන් ඉන්නෙ මොන වගේ මනුස්සයෙක් එක්කද කියල කියන්නත් එයා ඕනවටත් වඩා හොඳටම දන්නවා, ඒ මනුස්සයා තනිකරම සයිකො කෙනෙක්. මේ හැමෝම එයයි, ජන්ග්කුක් එක්ක ඉන්නව කියලත් එයා දන්නවා උනත්, එයාගෙ පාලනයක් නැති එහෙ මෙහෙ යන සිතුවිලි වලින් එයාගෙ කේන්තිය මේ අය පිටින් යැවෙන එක එයාට නවත්ත ගන්න බැරි උනා. ඉතින්, ජිමින්ගෙ ටිකෙන් ටික නැති වී ගෙන යන ඉවසීම නිසා ටේහ්‍යොන්, හොබී, ජීන්, තව පාර්ක් කපල් එක වගේම ජියෝන් කපල් එකත් එයා ළඟින්ම හිටියෙ ජිමින්ව සන්සුන් කරවන්න උපරිමයෙන් උත්සහ කරන අතරෙ.
එයාලා කාටවත් තව එක වචනයක්වත් කතා කරන්න හම්බුනේ නැත්තෙ ගෙදර ඉස්සරහ දොර ඇරිලා, බලාපොරොත්තු කඩ උනු මූණු වලින් ඇතුලට ඇවිද ගෙන එන පිරිමි තුන්දෙනාව දැකලා.
"හියුන්ග්!" ඒ ඇසිල්ලෙන්ම ජන්ග්කුක්ගෙ ළඟට දුවන් ගිය ජිමින් එයාගෙ උරහිසින් අත් දෙකත් තියා ගෙන ජන්ග්කුක්ගෙ පිටිපස්සට ඔලුව දාලා බැලුවා.
"මගෙ දරුවා කොහෙද!?"
"ජිමිනාහ්... අපිට බැරි උනා එයාව-"
"හියුන්ග්!" ජිමින් ටිකක් හරි බලාපොරොත්තු වලින් ශක්තිමත් කරන් හිටපු එයාගෙ හදවත කෑලි වලට බිඳිලා ගියා, එයා අඬා වැටුනා.
එයා ජන්ග්කුක්ගෙ අසරණකමින් පිරිල තියෙන ඇස් දිහා ඔලුව උස්සන් බලන් ඉද්දි, ඒ ඇසුත් තප්පර ගානකින්ම කදුළු වලින් බොඳ වෙලා ගියා.
YOU ARE READING
ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ - 2 // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍ
Fanfiction✨️ ජියෝන් ජන්ග්කුක් වගේම, ජියෝන් ජිමින් එයාලගෙ අවුරුදු හතක පුංචි බටු ඇටේ එක්ක එයාලගෙ ලස්සන ජීවිතේ ගෙව්වෙ පුදුම තරම් සතුටකින්. ඒත්... එයාලගෙ අතීතෙට අයිති උනු කෙනෙක්, ආපහු එයාලගෙ වර්තමානෙට එන්න තීරණය කරොත්... ✨️