"ඇයි අපි එයාගේ බෙඩ් රූම් එකේ හැන්ගෙන්නේ නැත්තේ චිම්!!"

ජිමින් ඇස් ලොකු කරගද්දී නැගිටපු ජන්කුක් තේහයුන් ගේ බෙඩ් රූම් එකට ඇවිදගෙන ගියා....

"ඒත් කොහෙද කුක්....!!"

වටපිට බලන ගමන් ජිමින් ඇහුවා....

හිනාවුන ජන්කුක් අත් දෙකෙන්ම ඇද යට පෙන්නුවා.... කට ඇද කරගත්ත ජිමින් ඇද යටට බඩගාන කොට කාමරෙන් එලියට ගිය ජන්කුක් ආපහු ආවේ පුලුන් කෑලි හතරක් අතේ ගුලි කරගෙන...

බිමට නැවිලා ජිමින් ගේ එහාපැත්තෙන් ඇද යටට රින්ගපු ජන්කුක් පුලුන් කෑලි දෙකක් ජිමින් ට දීලා ඉතිරි පුලුන් කෑලි දෙක එයාගේ කන් දෙකේ ගහගත්තා.... ජිමින් කලේ කට ඇදකරලා ජන්කුක් දිහා බලාගෙන හිටපු එක....

"මං හිතන්නේ මේවා ඕන වෙන එකක් නෑ කුක්!!"

"අවදානමට පෙර සූදානම වටිනවා චිම්!! නරක සද්ද ඇහිලා මගේ චූටි හිත නරක් වෙනවට මං කැමති නෑ!!"

කට කොනක් ඇද කරලා ජන්කුක් කියද්දී ජිමින් අඩන්න බැරි කමට හිනා වුනා... ඒ චූටි හිතේ හොද නරක ගැන ජිමින් තරම් දන්න වෙනකෙනෙක් ඉන්නවෑ.... ඒත් මේ වෙලාවේ ඕවා කියලා ජන්කුක් ව කුලප්පු කරන්න ජිමින් ට ඕන වුනේ නෑ.....

පැයක්....පැය දෙකක්....නෑ එයාලා දෙන්නා පැය තුනක් තිස්සේ ඇද යටට වෙලා බලාගෙන හිටියා.... ඒ අතරේ ජන්කුක් තුන්පාරක් වොෂ් රූම් ගියා.... එයාගේ පපා එක්ක අයන් මෑන් මූවී එක බලන්න ගියාමත් එයා මුවී එක පටන් ගන්න කන්ම සැරෙන් සැරේට වොෂ් රූම් යනවා කියලායි ජන්කුක් ජිමින් ගේ වදෙන් ගැලවුනේ....ජන්කුක්  ලතාවකට වොෂ් රූම් එකේ ඉදලා එලියට එනකම් ජිමින් නම් හිටියේ ඔම්ලට් දාන්න තරම් රත්වෙලා....ඒත් ජන්කුක්ට නම්  ජිමින්ගේ බය ගැන වගේ වගක් තිබුනේ නෑ.....

මේ වෙලාවේ ජන්කුක් හිටියේ කටත් ඇරගෙන සැප නින්දක....ඒත් ජිමින් ට එක සැරේටම ඇහුනේ දොරක් හෙමින් ඇරිලා වැහෙන සද්දේ.... ඒත් එක්කම ජන්කුක් ට වැලමිටෙන් ඇන්න ජිමින් ජන්කුක් ව ඇහැරවලා තේහයුන් ඇවිත් කියලා ඉඟියෙන් කිව්වා.....

ටික වෙලාවක් ගේ ඇතුලෙන් අමුතු සද්ද ඇහුනත් තේහයුන් රූම් එකට ආවේ නෑ....  බලාගෙන ඉදලා බැරිම තැන ජන්කුක් ඇද යටින් ඔලුව එලියට දාන්න හදනකොටම රූම් එකේ දොර ඇරුනා.....ඇතුලට ආවේ තේහයුන්!!

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now