"DNA රිපෝට් එක. අර ඇටසැකිල්ල, ඒක ජේමින්ගෙ නෙවෙයි" තමන් දිහා පුදුමෙන් ලොකු වෙච්ච ඇස් වලින් බලන් ඉන්න කපල් එක දිහාවට හැරිල යූන්ගි එයාගෙ කතාව පටන් ගත්තා.

"ඒ- ඒ... ඒ කියන්නෙ-"

"පාර්ක් ජේමින්... එයා තාමත් ජීවතුන් අතර..." ජන්ග්කුක් වෙනුවෙන් යූන්ගි ඒ වාක්‍යය සම්පූර්ණ කරද්දි, ජන්ග්කුක් එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක මේසෙ උඩින් තියල ලොකු හුස්මක් ගත්තෙ, ජිමින් හිතේ බයෙන්, කදුළු පිරී ගෙන එන ඇස් වලින් බිම බලා ගනිද්දි.

"අන්න ඒ නිසා තමයි... ජිමින් පරණ එයාගෙ ඇට්ටර ජීවිතේට ආපහු එන එක, අපිට හොඳ නිව්ස් එකක් වෙන්නෙ" යූන්ගි එයාගෙ උත්තරේ පැහැදිලි කරලම දුන්නා.

"ඒත්... කො- කොහොමද?" ආයෙමත් ජිමින්ගෙන් ප්‍රශ්නයක්.

"ජිමිනාහ්..." එයාගෙ කතාව කොච්චර නං වැදගත්ද කියල පෙන්නන්නම වගේ මේසෙ උඩින් වාඩි වෙච්ච යූන්ගි, ජිමින්ගෙ ළඟට පහත් වෙලා එයාගෙ කතාව පටන් ගත්තා.

"ඔයාට පැති දෙකක් තියෙනවා ජිමින්. එක: ජන්ග්කුක්ට ඔයාව මුලින්ම හම්බවෙද්දි හිටපු කෙනා... අර නසරානි, ඇට්ටර, නාස්තිකාර, දුෂ්ඨ, ආක්‍රමණශීලී, සැසී ජිමින්. එතකොට දෙක: ජන්ග්කුක් එක්ක ආදරෙන් බැදිච්ච ජිමින්. ඔයාගෙ ඒ පැත්ත අහිංසකයි, හරි සන්සුන්, තැන්පත්, බුද්ධිමත් වගේම ටිකක් දුර්වල උනත් හරිම ඉවසිලිවන්තයි.

අපි හරි නං... ඒ වගේම ජේමින් ඇත්තටම ජීවතුන් අතරත් ඉන්නව නං, එයා අනිවාර්යෙන්ම ඔයාව හොයාගෙන එනවමයි. එතකොට මේ පාරත්, ඔයා එයා ඉස්සරහදි දුර්වල උනොත්, එයා ආයෙමත් කලින් වගේම ඒක ඔයාට විරුද්ධව පාවිච්චි කරාවි... එයා ඔයාගෙ මනස විකාර කරවල, කලින් වගේම ඔයා කරන්න අකමැති දේවල් ඔයාට කියල බලෙන්ම කර ගනීවි... ඒත් මේ වතාවෙ, මේ වතාවෙ ඔයාට ආරක්ෂා කර ගන්න තියෙන්නෙ ඔයාව විතරක්ම නෙවෙයි ජිමින්... ඔයාට ඔයාගෙ කියල පවුලක් තියෙනවා, ජියෝන් ජිමින්... ඔයාට ජන්ග්කුක්ව වගේම ජීහියුන්ව වත් එයාගෙන් ආරක්ෂා කර ගන්න වෙනවා... ඒක කරන්න නං, ඔයා ශක්තිමත් වෙන්න ඕනෙ, ඒ වගේම බුද්ධිමත්- නෑ... බුද්ධිමත් විතරක්ම නෙවෙයි... ඔයා කපටි වෙන්න ඕනෙ, හරියට ජේමින් වගේ..." ජිමින්ගෙ ඇස් දිහාම බලා ගෙන යූන්ගි කතා කරා.

ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ - 2 // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍWhere stories live. Discover now