ජිමින් ඉක්මනින් ආපහු හැරුනේ එයාගේ අතිජාත මිත්‍රයා එක්ක මේ ගැන වැඩි දුර සාකච්ඡා කරන්න හිතාගෙන.... ඒත් හැරෙනවත් එක්කම එයා පිටිපස්සෙන් හිටපු කෙනෙක් ගේ ඇගේ හැප්පුනා.....

"ඔහ් අංකල් ජූන්!!!"

එයාගේ ඔලුවට උඩින් බෙල්ල දික් කරගෙන ඉන්න අංකල් ජූන් දිහා බලලා ජිමින් කිව්වා....

"ඔහ් සනා මොකද මෙතන කරන්නේ!!"

ජිමින් ගේ උඩ ඉදලා පහලටම ස්කෑන් කරන ගමන් අංකල් ජූන් ඇහුවා.... හොදයි එයා දන්නේ නෑ ඊයේ මුලු රෑම ජිමින් හිටියේ එයාගේ ගෙදර කියන එක...මොකද  ජන්කුකී කියන විදියට රෑට එයාගේ පපා මමා එක්ක හයිඩ් ඇන්ඩ් සීක් කරනවා....  ඒ නිසා රෑට කවුරු හරි ජන්කුක් ව උස්සන් ගියත් පපාවත් මමාවත් දන්නේ නෑ කියලයි ජන්කුකී ජිමින් ට කියලා තියන්නේ....ගෝව්ඩ් ඇත්තටම මුලු දවල් දවසම බිසී නිසා එයාලට සෙල්ලම් කරන්න වෙලාවක් හොයාගන්න බෑනේ.....ඉතින් ජිමින් රෑට කිම් මැන්ෂන් එකට යන එක හොයන්න කෙනෙක් හිටියේ නෑ.....ඕහ් poor little ජන්කුකී.....

"ආහ් ම් මං මේ ජන්කුකී බලන්න ආවේ අංකල්... project එකක් තියනවා අපි දෙන්නට කරන්න.. මේ පාරේදි මට බල්ලෙක් පන්නව්වා....ඒකයි බැලුවේ....."

වේගෙන් ඇහිපිල්ලම් ගහන ගමන් එයාගේ කියුට් මූන අංකල් ජූන් දිහාවට හරවලා ජිමින් කිව්වා....

"ඕහ්....ජන්කුකී ඊයේ මුලු රෑම පාඩම් කරලා දැන් නම් ඔන්න breakfast ගන්නවා!!"

ආඩම්බර මූනක් හදාගෙන අංකල් ජූන් කියනකොට ජිමින් කට තද කරගෙන හිනාව හංග ගත්තා.... ජන්කුකී ගේ පාඩම් බලන්නේ කොහේද ඉතින් අංකල් ජූන් ට සෙල්ලමට වැටුනම මෙලෝ සිහියක් නෑනේ....🌚🌚 ජිමින් තනියම හිතුවා...

"සනා ඇතුලට යන්න, මං බලන්නම්කෝ බල්ලා තාම  ඉන්නවද කියලා.."

ජිමින් අංකල් ජූන්ගේ අත යටින් රින්ගලා ඇතුලට යනකොට කියපු අංකල් ජූන් සයිඩ් ගේට් එක අල්ලගෙන ආපහු පාරක් පාර දිහා බැලුවා....  ටිකක් දුර යනකොට ජිමින් ට ඇහුනා මොකක් හරි දෙයක් සද්දෙට බිමට වැටෙනවා....

ඒත් එක්කම ජන්කුක් ගේ මාම් වහල උඩ යන්න,

"නම්ජූනීඊඊඊඊඊ...."

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now