Crue එකේ අය තනි තනියෙන් වගේම කන්ඩායම් විදියටත් ඉස්සරහට ඇවිදගෙන ගියා.... අන්තිමට ම ගියේ ඕහානී,  ඕහානීට ඉස්සරහින් තේහයුන් ගේ ගාඩ්ලා දෙන්නෙක් ඊට ඉස්සරහින් තේහයුන්, ඊට ඉස්සරහින් තවත් ගාඩ්ස්ලා දෙන්නෙක්....

පටු පාර දිගේ එකිනෙකා පේන මානේ ඇවිදගෙන ආපු කට්ටිය පාර බෙදෙන තැනින් වම් පැථ්තට හැරෙද්දී ඕහානී එතනින් දකුනු පැත්තට හැරුණා.... ඕහානීට ඕන වුනේ ටිකක් තනියම ඉන්න.... ටික දුරක් ගිහින් ආපහු යන්න හිතාගෙන ඕහානී පාර දිගේ තනියම ඉස්සරහට ඇවිදගෙන ගියා.....

මේ අතරේ තේහයුන් හිටියේත් ගාඩ්ස්ලා මග ඇරලා ටිකක් තනියම ඇවිදින්න ක්රමයක් හිතන ගමන්.... ඉස්සරහට යන්න යන්න පාර දෙපැත්තේ තියන ලොකු ගස් වගේම ලග ලග තිබුන වංගු නිසා ඉස්සරහින් ඇවිදගෙන යන කෙනා වංගුවෙන් හැරිලා ගියාම පිටිපස්සෙන් එන අයට පෙනුනේ නෑ...

ඒකෙන් ප්‍රයෝජනේ අරගත්ත තේහයුන් වංගුවෙන් හැරුන ගමන්ම වටපිට බලලා පාරෙන් එහාට ගිහින් ලොකු ගහකට මුවා වුනා.... ඊලගට  ගාඩ්ස්ලා දෙන්න පාඩුවේ තමන්ව පහු කරගෙන යන හැටි බලාගෙන හිටපු තේහයුන් ආපහු පාරට ඇවිත් ආපු පාරදිගේ ආපහු දුවන්න පටන් ගත්තා.....

එක දිගටම දුවගෙන ගිහින් පාර බෙදෙන තැනින් නැවතිලා අත් දෙක දනිස් දෙකේ තියාගෙන ඉස්සරහට නැවිලා මහන්සි ඇරපු තේහයුන් දකුණු පැත්තට වැටුන පාර දිගේ හෙමින් ඉස්සරහට ඇවිදගෙන ගියා.....

පාරේ දකුණු පැත්තෙන් තිබුනේ ලොකු බෑවුමක්,  බෑවුමේ තිබුන ගස්වල උස මුදුන් විතරක් උඩට පේන්න තිබුනා...  ශරත් සෘතුව   නිසාම තුරු මුදුන් ලස්සන කහ තැබිලි පාටක් අරගෙන තිබුනා..           තේහයුන් හිටියේ ඒ ලස්සන දර්ශනෙන් ඇස් අහකට ගන්න අමතක වෙලා....

ඒත් ටිකදුරක්  ඇවිදගෙන ගිය තේහයුන් එක සැරේටම නැවතුනේ තමන්ගේ ඉස්සරහා පේන දර්ශනේ ඇත්තද කියලා තේරුම් ගන්න උත්සාහ කරන ගමන්....

ගහක අත්තක දිගාවෙලා ඉස්සරහින් තිබුන ජමනාරං ගහක අත්තකින් අල්ලගෙන කට ඇදකරගෙන හිටියේ ඕහානී... ජමනාරං ගහටම එකම එක ගෙඩියක් විතරක් තිබුනා.... සද්දයක් නැතුව ම සාක්කු දෙකට අත් දෙක දාගෙන ජමනාරං ගහ යටට ඇවිදගෙන ගිය තේහයුන් ඇගිලි තුඩු වලින් යන්තමට ඉස්සිලා වැඩි මහන්සියක් නැතුවම ජමනාරං ගෙඩිය කඩා ගත්තා....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈOpowieści tętniące życiem. Odkryj je teraz