කට්ටියම උදේ කෑමෙන් පස්සෙ හොටෙල් එකෙන් පිටත් වුනේ ෂූට් එක තියෙන ලොකේෂන් චෙක් කරන්න.... මේ ගමනට මිස් මරියා, ක්ලාරා, ඕහානී අංකල් හේසෝක් එක්ක බෙක්හයුන් වගේම,  ස්ටාෆ් එකේ කීප දෙනෙක් එකතු වුනා.....

"ඕහ් මේකද තැන "

වාහනෙන් බහින ගමන් කට ඇදකරගත්ත අංකල් හේසෝක් අහනකොට ඕහානී ත් උවමනාවෙන් වටපිට බැලුවා.....

MV එක ෂූට් කරන්න තොරගෙන තිබුනේ forest side villa එකක්.... සැලකිය යුතු දුරක් කැලේ ඇතුලින් ඉස්සරහට ඇවිදගෙන ගියාම ඈතින් යන්තමට විලා එක පෙනුනා....

පුංචි පුංචි සත්තුන්ට කොහොමත් බය අංකල් හේසෝක් ඉන්නේ හූ තියාගෙන කාගේ හරි ඇගේ එල්ලෙන්න බලාගෙන කියලා දන්න නිසාම ඕහානී කෝකටත් ටිකක් පිටිපස්සෙන් යන්න පටන් ගත්තා....

ඒත් අංකල් හේසෝක් ගේ සැබෑ තත්වේ නොදන්න මිස් මරියා එයාගේ ලගින්ම අගේට ඇවිදගෙන යන හැටි දැකලා ඕහානීගේ මූනේ හිනාවක් ඇදෙනකොට ඔලුව ගස්සපු ක්ලාරා.,,,

"මැචින්ග් කපල් එක නේද?"

කියල ටිකක් සද්දෙන් කියද්දී,  ඉදිලා බෙරිවුන  කොමඩු ගෙඩියක් වගේ වුන මිස් මරියා පිටිපස්ස හැරිලා ක්ලාරාට flying kiss එකක් දුන්නා....

ගෝව්ඩ් බැරි වෙලාවත් මිස් මරියා අංකල් හේසෝක් ට කැමතිද? ඕහානී ඇස් ලොකු කරගෙන කල්පනා කරන ගමන් දහයේ ඉලක්කම වගේ ඉස්සරහට ඇවිදගෙන හේසෝක් මරියා ජෝඩුව දිහා බලාගෙන හිටියා......

___________________________________

"මෙහේ ස්නේක්ස්ලා නැති එක නම්  වාසනාව...අයි හේට් ස්නේකූ!!"

අතේ තිබුන කුඩේ හතරවටේ වනන ගමන් වටපිට බලලා අංකල් හේසෝක් කියන කොට මිස් මරියා අංකල් හේසෝක් ගේ උරහිසට තට්ටු කරන දිහා ඕහානි බලාගෙන හිටියේ කටත් ඇරගෙන....

"ඕහ් වට් අ කියුට් කපල්!!''

කර කර හිටපු වැඩේ නවත්තලා ඒ දිහා බලාගෙන ක්ලාරා කියනකොට ඕහානී ඔලුව හරවලා ක්ලාරා දිහා බැලුවා.....

අද තමයි ෂූට් එකේ පලවෙනි දවස.... තේහයුන් තාම ටෙන්ට් එක ඇතුලේ ලෑස්ති වෙන නිසා අනිත් අය එලියේ තැන් තැන් වල තම තමන්ගේ  වැඩ වලට අවදානේ දීලා හිටියා.....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now