"අයිෂ් නූනා!! ඔයා කන ඒවා ඇගට අල්ලන්නැති එකට මං මොනා කරන්නද...කෑ ගහන් නැතුව යං!!!"

ඕහානී දික් කරපු හෙල්මට් එක දාගෙන,  ඕහානීගේ ඉනවටේට අත දාලා අල්ලගත්ත ජන්කුක් කියනකොට හුස්මක් පහල දාපු කෙල්ල  බයික් එක ඉස්සරහට ගත්තා.....

"කෝ කොහෙද ඒක "

තේහයුන් ගේ අපාර්මන්ට් පාකින්ග් ලොට් එකේ බයික් එක නවත්තලා හෙල්මට් එක ගලවන ගමන් ඕහානි ජන්කුක් ගෙන් ඇහුවා....

"ටංට ටාං!!!!....  "

ටිකක් ලොකු රතු පාට ලියුම් කවරයක් සාක්කුවෙන් එලියට අරගන්න ගමන් ජන්කුක් කටින් සද්ද කලා....

"මේ මොකක්ද?"

ලියුම් කවරේ උදුරලා අරගෙන එහා මෙහා හරවලා බලලා ඕහානි ඇහුවා.....

"ඒක තමයි ටේටේගේ බොක්සර් එක!!"

ලියුම් කවරේ ඕහානිගේ අතින් ආපහු අරගෙන ජන්කුක් කිව්වා....

"අයිෂ්!! මෙන්න මෙහේ දෙනවා!!"

ආපහු ඒක ජන්කුක් ගේ අතින් උදුරලා අරගත්ත ඕහානී, පරිස්සමට වටපිට බලලා ලියුම් කවරේ ඉරුවා....

"ආ!!! විකාර නොකර ඒක එයාට පේන තැනකින් තියන්න තේරුනාද? මං එතකන් එයාව වෙන වැඩකට අල්ල ගන්නම්.... කොහොමත් මට එයාත් එක්ක මියුසික් වීඩියෝ එකේ ෂූටින්ග් ගැන කථා කරන්න තියනවා...අරස්සෝ!!!"

කවරේ ආපහු ජන්කුක් ගේ අතින් තියලා කියපු ඕහානි ඉස්සරහට ඇවිදගෙන යද්දී, ජන්කුකුත් ඒ පස්සෙන් දුවගෙන ගියා.....

Elavater එකෙන් එලියට ඇවිත් තේහයුන් ගේ ගෙදර ඉස්සරහ නැවතිලා බෑග් එකේ තිබුන හතරට පහට නවපු කොල කෑල්ල අරගෙන ඕහානී පාස් වර්ඩ් එක ටයිප් කරන්න පටන් ගත්තා......

හාහ් ඔව් එයාට තාමත් තේහයුන් ගේ ගෙදර පාස් වර්ඩ් එක මතක නෑ... එයාගේ පපාට වගේ ම එයාටත් ඉලක්කම් ඇලර්ජි!!! ඒත්  ඕහානීගේ පිටිපස්සෙන් හිටගෙන හිටපු කෙනාට නම් ඒක එහෙම වුනේ නෑ.... පලවෙනි බැල්මෙන්ම එයාට ඒ මෙසී පාස්වර්ඩ් එක මතක හීටියා..... ඔහ් එයාගෙන් පපාගෙන් එයාට ලැබුන සුපර් ඩූපර් මොලේට පින් සිද්ධ වෙන්න ථමා ඉතින්.....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now