🦋1st🦋

2.4K 276 19
                                    

" නෝව් පපා..ඔයාට බෑ මට මෙහෙම කරන්න ප්ලීස් පපා ප්ලීස්!!..."

කම්මුල් පුම්බගෙන කටත් උල් කරගෙන කෙල්ල දැන්  පැයක් තිස්සේ තමන්ගේ කූල් පපාගෙන් බෙග් කරනවා තමන්ව ඒ ජොබ් එකට අපොයින්ට් කරන්න එපා කියලා.....

ඒත් තමන්ගේ ඉස්සරහා ඉන්න කෙල්ල ව සත පහකට ගනන් නොගෙනම සැරෙන් සැරේට  නහය උඩට රූටන කන්නාඩි දෙක උඩට කර කර   තමන්ගේ ඉස්සරහා තියෙන කලු පාට file එකේ ඇස් අලවගෙන ඉන්න මිස්ටර් මින් ට නම් කෙල්ලගේ අඩවැඩියාව ගානක් වුන පාටක් පේන්න තිබුනේ නෑ......

මින් ඕහානී.... ලෝකප්රසිද්ධ MY entertainment එකේ නිර්මාතෘ වගේම ඕව්නර් වුන මින් යුන්ගිගේ හුරතල් දූ සිඟිත්ත....හුරතල්!!! ම් ඇත්තටම එයා හුරතල් ඩෙවිල් කෙනෙක්...cute යක්ෂනියක් කියන්නත් පුලුවන්....

ඕහානී ගේ එකම හීනේ පැරිස් fashion school එකට ජොයින් වෙන එක, fashion ඩිසයිනින්ග් කියන්නේ ඕහානීගේ කැමතිම සබ්ජෙක්ට් එක...හරියට එයාගේ මාම් ගේ වගේ....එයාගේ මාම්!! ඇත්තටම එයාගේ මාම්  ඕහානී ඉපදිලා පැයකටත් අඩු කාලයක් යන්නත් කලින්ම ජීවිතෙන් සමුගත්තා....

එදා ඉදලා ඕහානී ව බලාගත්තේ එයාගේ මාම් ගේ නන්ගී...ආන්ටි වූනී... මිසිස් පාක් වූනී ඕහානීව බලාගන්න මින් මන්දිරයේ පදිංචියට එද්දී එයාගේ බංඩි බබාට යන්තම් මාස දෙකයි.....

මාස හතකට පස්සේ මිසිස් වූනි ලස්සන හුරතල් පුංචි කොල්ලෙක්ට උපත දුන්නා...ඒ ආරංචිය අහලා හොස්පිට්ල් එකට එන ගමන් හිටපු මිස්ටර් පාක් ගේ වාහනේ අවාසනාවන්ත විදියට ඇක්සිඩන්ට් වුනේ මිස්ටර් පාක්ට එයාගේ පුංචි හුරතලාව දකින්න වත් අවස්ථාවක් නොතියාමයි.....

එදා ඉදලා අද වෙනකොට අවුරුදු විසි හතරක් ගෙවිලා ගිහින්....එදා අවුරුද්දක් වයස වුන පුංචි ඕහානීට දැන් වයස විසි පහක්...එදා ඉපදුන පුංචි හුරතලා පාක් ජිමින් ට දැන් වයස අවුරුදු විසි හතරක්.....

මාම්ගේ මරනෙන් පස්සේ පපා ගොඩක් නිහඩ කෙනෙක් වුන බව ඕහානි දැනගත්තේ එයාගේ ආන්ටිගෙන්....පුංචි කාලේ ඉදලම පපාගේ ආදරේ වෙනුවෙන් මුරන්ඩු වෙන එක පුරුද්දක් කරගත්ත ඕහානි ලොකු වුනත් ඒකේ වෙනසක්  වුනේ නෑ....

 🦋𝕄𝕪 𝔸𝕟𝕘𝕣𝕪 𝔹𝕖𝕒𝕣(𝑲𝒊𝒎 𝑻𝒂𝒆𝒉𝒚𝒖𝒏𝒈 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now