_💔💔05_

468 124 37
                                    

..

..

..

..සනුවා..

..ම්ම්..

..උඹ මොකද පාර බලන් ඉන්නේ..

..නිකම්..

..නිකම්??...

..ම්ම්...

..උබ මගෙන් මොනා හරි හංගනවද..

..නෑ..

..එහෙනම්..

..එහෙනම් කියන්නෙ මොකක්ද දිනුක..

..මට අහන්න ඕන..

..මොනාද..

..ඇයි උඹ තාරුවගේ එන්ගේජ්මන්‍ට් එක ගැන කිව්වම රටෙන් ගියේ කියලා....












මොනාද කියන්න ඕන...අලුත් දවසක් කියලද..එහෙම නැත්නම් අවසානයකට ලන් උනු දවසක ආරම්භයක් කියලද....මට හිතාගන්න බෑ..හැමදේම ඕනාවට වඩා ඉක්මනට උනා වගේ...එයා මං එක්ක පලවෙනි පාරට කතා කරලා ගත උනේ සති දෙකක් විතරයි...ඒත් ඒ පමාවෙන්ම අපිට ඈත් වෙන්න සිද්ද වෙලා....කාලෙකට කලින් මට ඕන උනා කාලේ ඉක්මනට ගෙවිලා ගිහින් මං වැඩිහිටියෙක් වෙලා අම්මවයි අප්පච්චිවයි බලාගන්න මට ජොබ් එකක් කරන්න පුලුවන් වෙන්න කියලා...ඒත් දැන් මට කාලේ නතර කරන්න ඕන...එක මොහොතකට හරි එයාගේ අතෙන් අල්ලන්න...මොකද අපි ආයේ හම්බෙන්නෙ නෑ...මේ අපි හම්බෙන අන්තිම වතාව වෙයි....එයා කළුතර..මං නිට්ටබුව...අපි දෙන්නා හම්බුනෙ කොලබදි විතරයි..ඒකත් මාස ගානක ඉඳන් සතියකට එකපාර ගාන....දැන් ඒකත් නැතිම වෙලා යයි....පිළිගන්නවා මං ආදරේ කලේ අතාරින්න බලන් කියලා...ඒ උනත්.....දෙයියනේ මං කොහොමද හිත හදාගන්නේ...මං එයාට ආදරේ කලානේ..එකමොහොතකට..දරාගන්නම බැරි මොහොතක හරි මං හීන මැවුවනේ එයාව එකපාරක් හරි පපුවට තුරුලු කරගන්න...අඩුම තරමේ එයාගේ ඇගිල්ලකින්වත් අල්ලන්න....දුර ඉඳන් බලන් හිටියා වෙනුවට අන්තිම පාරට කියලා හරි හිත සනසගන්නවත් මං එයාට ආදරේ කලානේ....මගෙ පපුව හිර වෙනවා වගේ...කවදාවත් අයිති උනේ නැති දෙයක් ජීවිත කාලෙටම අහිමි වෙලා යන හැටි දකිද්දි මට ඉවසන්න බෑ...හැමදේම දමලා ගහලා එයා ලගට යන්න හිතේනවා...මං ආදරෙයි කියලා කෑ ගහලා කියන්න හිතෙනවා..මාත් එක්ක යන්න එන්න කියලා කියන්න හිතෙනවා....ඒ..ත් මං එතනත් අසරනයිනේ...ඇස් වටේ කලුවෙලා හෙම්බත් උනු මූනකින් ගෙදර වැඩ කරන අම්මවයි , සිහියක් පතක් නැතුව වැටිලා ඉන්න අප්පච්චිවයි ,, පන්ති යන්න සල්ලි නැතුව මට කියලා පාඩම් අහගන්න බට්ටිවයි මතක් වෙද්දි මගෙ කකුල් එතනම නතර වෙනවා...මං එයා එක්ක යයි..ඒත් ඊට පස්සෙ...මං ගැන හීන පැල් බැදන් ඉන්න ඒ තුන් දෙනාට මොනාද වෙන්නෙ....ඒ තුන් දෙනාව අතෑරලා ,, ඉගේනිම කඩාකප්පල් කරන් මට තාරු ගැන හිතන්න පුලුවන් ද....මාව මේ තැනට ගෙනාව ඒ තුන් දෙනා වෙනුවෙන් මට තාරුව අතාරින්නම වෙනවා...මට ඒ දෙගොල්ලන්ගෙන් තේරීමක් තිබ්බොත් මං තාරුව අතාරින්න දෙපාරක් හිතන්නෙ නෑ .....




💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now