_💔💔01_

1.3K 142 60
                                    

..

..

..


දන්නවද..........දෛවය හරි පුදුමාකාරයි...ජීවිතේට ලන් කරන්නෙම කවදාවත් හිමි වීමක් නැති මිනිස්සු....ජීවිතෙන් ඈත් කරන්නෙත් කිසිම දාක අත් හැර ගන්න බැරි මිනිස්සු...සතුටක් එක්ක උනත්..වේදනාවක් එක්ක උනත් අපේ ජීවිතේට එන එයාලා හිතන්නවත් බැරි තරමට අපිව වෙනස් කරනවා.....ඒ වෙනස් වීම එක්ක හිමි වෙයි කියලා හිතන දේවල් ඇස් පනාපිටම අහිමි වෙලා යද්දි අන්තිමට අයිතියක් නැති බව දැන දැනම මිරුගුවක් වෙනුවෙන් හුස්ම ගන්නවා.....ඇයි ජීවත් වෙන්නෙ කියන එක තමන්ගෙන්ම අහගන්න හිතෙන තරමට දෛවය අපිව අසරන කරද්දි හැමදාමත් ප්‍රශ්නෙකට උත්තරයක් හිතාගන්න බැරිව මන් මගෙ හදවත ඉස්සරහ නිහඬ වෙනවා.....

මට වැරදුනාද.....නැත්නම් හිතාමතාම මං , අවස්තාව තිබිලත් හැමදේම අතෑරලා දැම්මද....එහෙමත් නැත්නම් එයාව අතාරින්න වෙන තරමට....පැත්තකට වෙලා තාමත් ඒ කාලේ ගැන හිතලා හූල්ලන්න වෙන තරමට දෛවය මාව අසරන කලාද.....


උත්තරයක් මටවත් හිතාගන්න බෑ....ඒත් මං එක දෙයක් දන්නවා...වෙලාව හරි...තව ටිකකින් එයා එයි.....අතින් අල්ලගන්න වරම් නැතුව හිතින් විතරක් මං අල්ලගත්ත මගෙ නොවී තාමත් මගෙ උනු එයා ඉක්මනටම මෙතනට එයි...ඒ..ත්..අහන්න ඕනම නම් මං ඒක කියන්නම්.......ලස්සන කතාවක් නෙවේ....කුතුහළය පිරුනු කතාවකුත් නෙවේ....හැමතැනම වෙන මේකත් සාමාන්‍ය කතාවක් ..අහන් ඉන්නවා මම් මං කියන්නම්....එනවා නම් යමු මාත් එක්ක ....හිතින් මගෙ කර ගත්ත ඒ ඇස් හැබැහින් මගේ කරගන්න වරම් නැතුව ගිලිහිලා ගිය තැනට......



















..කාඩ් එක ගන්න...කෝ ලමයෝ පරක්කු වෙන්න එපා..ඔය ළමයා එහාට යන්න..මෙතන බ්ලොක් එකක්නේ...කෝ මොකක්ද අංකේ...












කාඩ් එක මාර්ක් කරන නැන්දා පොතක් අතේ තියාගෙනම මාව පැත්තකට කරද්දි මං අත බෑග් එක ඇතුලටම දැම්මා...හැම සාක්කුවක්ම හැම කොනක්ම මං පීර පීර හෙව්වත් මගෙ කාඩ් එක තිබුනේ නෑ.දෙයියනේ...මට හීන් දාඩිය දාන්න පටන් ගත්තා...මට හොදටම විස්වාසයි මං කාඩ් එක උදේ එද්දි අරගෙන ආවා කියන එක..පන්තියට එන්න කලින් මං ඒක ඇද්දනේ...ටියුට් එක ගද්දිත් කාඩ් එක තිබ්බා..ඒ..ත් මං ඒක ආයෙම දාගත්තනේ..කොහෙද නැති උනේ....

💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now