_💔💔06_

455 124 34
                                    

..

..

...





ඉදගෙන හිටිය තැනින් මං ගැස්සිලා ගිහින් නැගිට්ටා.....මං මේ තරම් වෙලා බලන් හිටියේ එයා එනකම්...පැයකට වඩා ...කාටත් හොරෙන්..දකි කියලා බයෙන් වගේ මං එයා එයි කියලා බලන් හිටියා....අන්තිමට හිතෙ තිබ්බ බය නැති කරලා දාලා සතුටක් ඉතුරු කරලා එයා ලා කොල පාට රේස් කාර් එකෙන් බහිනකොට මං හැමදාමත් වගේ අදත් මුල්ලට උනා....එයා කා එකෙන් බැස්සා...හැමදාමත් වගේ අලුත්ම ෆැශන් එකට ඇදුම් තෝරන් ඇඩිඩස් සපත්තු දාපු එයා සන්ග්ලාසස් දෙකක් දාගෙන වටපිට බැලුවා....බෝල කම්මුල් කලින්ටත් වඩා බෝල වෙලා....කිරි සුදු පාටයි ඒ හම....එක කැලලක් නෑ..දගකොල්ලෙක් උනත් එයා පින් පාටයි..දකිනකොට හිත සැනසෙනව....එයාව වට කරගෙන කට්ටිය ගොඩයි....ඒ අස්සෙන් එයාගෙ සල්ලිවලට,, අදහන්න බැරි තරම් ලස්සන සුරදූතයෙක් වගේ පෙනුමට ඇදිලා එය අය වැඩියි....ඒත් මං පැත්තකට උනා....

..මොකද එයා නොදන්නවා උනත් මං තාමත් ආදරේ කරන්නෙ ඒ දගකාර ඇස්වලට...



















.මගෙ හිතේ තිබ්බ ලොකුම බරක් නිදහස් උනා වගෙ මට දැනෙන්නෙ....විබාගේ ඉවරයි...හිතාගන්න බෑ මේ තරම් ඉක්මනට හැමදේම ඉවර උනාද කියලා....මට ශුවර් මං කැම්පස් සිලෙක්ට් වෙනවා කියලා කියන්න..ඒකේ බය වෙන්න දෙයක් නෑ...ඒත් එ වෙනකම් ගෙදරට බරක් වෙලා ඉන්න බැරි නිසා මං හංදියේ ඇදුම් කඩේට වැඩට යන්න පටන් ගත්තා..අම්මා කොච්චර එපා කිව්වත් මාස ගානකට හරි මට මගෙ පවුලේ බර කරට ගන්න ඕන උනා...ඒක හිතුවට වඩා ඇත්තටම අමාරුයි..පළපුරුද්ද නැති නිසා අඩුවෙන් අතට එන පඩිය සතියක් යනකොට උයන්නම කියලා ඉවරයි...හාල්වල ගනන්..එලවලුවල ගනන්..ඉවරයක් නැති බඩුවල ගනන් අහස උසට යද්දි ඒ අස්සෙන් දුප්පත් මිනිස්සුන්ගේ පපුවෙ ගින්දර ගෝස් ගාලා උඩට නගිනවා...තාමත් බැරි උනා බට්ටිව ටියුශන් එකකට දාන්න..කෙල්ලට තව අවුරුදු දෙකකිම් ඕලෙවල්...මේ අවුරුද්ද ඇඳන් යයි..ඒත් දහය වසරෙන් පස්සෙ අනිවාර්යයෙන්ම පන්ති යවන්න වෙනවා...ගෙදර තියාගෙනත් බැ..කැම්පස් සිලෙක්ට් උනොත් මටවත් පාඩම් කියලා දෙන්න බැරි වෙයි...කිසිම ලෝබකමක් නැතුව හන්සි මිස් කිව්වා බට්ටිටත් ෆ්‍රී ක්ලාස් එකකට හදලා දෙන්නම් කියලා...ඒත් ඒකෙන්ම කෙල්ලට පන්ති යන්න බෑනේ...බස් එකට සල්ලි දෙන්න ඕන...පොත්වලට සල්ලි දෙන්න ඕන..එතකොට ඇදුම්...මං නම් කොල්ලෙක් නිසා කබලක් පටලන් ගියාට ඒකිට එහෙම බෑ...කෙල්ලෙක්නේ...ඒකිත් ලස්සනට අදින්න ඕන..අනිත් කෙල්ලො අස්සෙ ඒකිට ලැජ්ජ වෙන්න දෙන්න බෑ..කොල්ලො වගේ නෙවේ කෙල්ලො කියන්නෙ තව කෙල්ලෙක්ගේ ඇදුම් දිහා බලලා යාලුකම් හදාගන්නවද කොන් කරනවද කියලා තීරණය කරන ජාතියක්..හොද අය නැතුව නෙවේ..ඉන්නවා...ඒත් ඒ හැම කෙනෙක්ම බට්ටිට හම්බෙන්නෙ නෑනේ.....ම්ම්..හෙට අනිද්දම රිසාල්‍ට් එයි...කැම්පස් සිලෙක්ට් උනාට පස්සෙ මොකක්ද කැම්පස් එක කියලා බලලා එහෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ඕන...ඒකෙන් පස්සෙ නම් අම්මටත් බරක් නොදී නන්ගිගෙ වියදම් ගැන මට මොනා හරි කරන්න පුලුවන් වෙයි.......බට්ටි ලොකු ළමයෙක් වෙලා වැඩි කාලෙකුත් නෑ...ඒකිගෙත් ඕන එපාකම් එමටයි...බලන් ඉද්දි කෙල්ල ලොකු වෙනවා...පරන ඇදුම් එකක්වත් කිට්ටු කරන්න බෑ....නාවලා පහන් නිවන වෙලාවෙ දෙන්න දෙයක් නැති කොට අම්මගෙම මාලයක් කරට දැම්මට හදිස්සියකට කියලා කෙල්ලට ගමනක් දාන්න දැන් ඒකවත් නෑ....හැම එකටම නැන්දගෙන් ඇදුම්වත් මාල වලලුවත් ඉල්ලන්න බෑනේ....ඒකිගෙ සුදු ගවුමෙත් පැත්තක් ඉරිලා...ගමේ ඉස්කෝලයක් නොවුනා නම් මෙලහකට ඒකි ලැජ්ජ වෙලාම ගෙදර නැවතිලා...අපි නැහෙන හැටි දන්න නිසාම ඒකි උවමනාවක් තිබ්බත් කියන්නෙ නෑ....පහසුකම් ගාස්ට්ගු පවා ඒකිම ඉරටු සුද්ද කරලා විකුණලා තනියම හොයාගෙන....මං ගාස්තු දෙන්නද කියලා ඇහුවෙ නැත්නම් කියන්නෙත් නෑ....ඉක්මනට රිසාල්‍ට් ආවා නම් මට පාර්ට් ටයිම් ජොබ් එක කරලා බට්ටිගෙ වියදම් ටිකවත් බාරගන්න තිබ්බා.....


💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now