_💔💔04_

514 122 30
                                    


..

..

..

..බෝනස්ලු ...🙂








සිතුවිල්ලකට ලෝකයක් ගොඩ නගන්න පුළුවන් ලෝකයක් ගොඩනගන්න...ඒත් ඒකට බෑ එයා නැතුව ජීවත් වෙන ලෝකයක් ගැන හීන මවන්න...























..මොකක්...?????..


මට කෑ ගැස්සුනා..සර්ට කොහෙන්ද මගෙ නම තියෙන චිට් එකක්..අනික මං සින්දුවක් කියනවා කියලා කිව්වෙ කවුද...මං එහෙම දෙයක් හීනෙන්වත් කියන්න හිතලා නෑ...මේකත් කාගෙ හරි පිස්සු වැඩක්..හිටි ගමන් කාගෙ හරි නමක් ලියලා චිට් යවන පිස්සො ඉන්නවා..කෙල්ලො චිට් යවන්නෙ ඒසි අඩුකරන්න හරි වැඩි කරන්න හරි කියලා විතරක් උනාට කොල්ලො ලියන චිට්වල එක එකවිකාර තිබුනා...මේකත් ඒ වගේම විකාරයක් තමා....




..කෝ කවුද සනුල කියන්නේ...



සර් උනන්දුවෙන් අහද්දි හැංගෙන්න බැරිකමට මං අහක බලාගත්තා...ඒත් වැඩක් නෑ..ලොකු යාලුකමක් නැති උනත් දෙන්නෙක් තුන් දෙනෙක් මාව අදුනනනවා....


..මේ...න් ඉන්නො..සර්....මේ ඉන්නෙ සනුවා..

..කෝ කවුද..

..මේ ඉන්නේ..

..ආ රතු ශර්ට් එක නේද..සින්දුවක් කියනවද ...

මං ඔලුව දෙපැත්තට කලා..සර්ගෙන් බේරෙන්න අමාරුයි...සර් එක දිගට පැය ගානක් උගන්නන පීඩනේ නැති කරන්න ඔය විදිහට කරනවා...

..ඇයි කොල්ලො බෑ කියන්නෙ ආ..කො කෝ සින්දුවක් කියමු....ඔහොම බෑ ආ...මං දන්නවා හොදට සින්දු කියන්න පුළුවන් කියලා..කියමු කියමු....



සර් ස්ටේජ් එකෙන් බැහැල මගෙ ලගට එනකොට මට දුවන්න කියලා දිහාවක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ...සර් දන්නවා මට සින්දු කියන්න පුළුවන් කියලා..සර්ගෙ වයිෆ් තමා අපේ.පන්තියේ පන්තිබාර මිස්...එ මිස්ම තමා කතා කරලා මට ෆ්‍රී කාඩ් එක හදලා දුන්නේ ...ඉතින් සර්ත් ටිකක් මං ගැන දන්නවා....බෑ කියන්න ඕනකම තිබ්බත් එහෙම කියලා සර් මං ඉන්නෙ අලි ඔලුවෙන් කියලා හිතුවොත් කියන බයට මං ඔලුව නවලා මයික් එක අතට ගත්තා....මං ගාව සබකෝලේ නෑ....මට පාරක උනත් ගිටාර් එකක් තිබ්බොත් සින්දුවක් කියන්න පුළුවන් ..ඒත් ඒ තැන්වල මේ තරම් ළඟින් තාරු ඉදී කියලා හිතන්න බැරි නිසා මගෙ පපුව ඕනාවට වඩා වේගෙන් ගැහෙන්න ගත්තා...එයා ඇගෙන් බාගයක් මගෙ පැත්තට හරවලා මේසෙ උඩින් අත් තියන් ඒ උඩට ඔලුව බරකරගෙන මං දිහාම බලන් හිටියා...ඇස් කොනෙන් දැකපු බැල්මත් මාව වෙනම ලෝකෙකකට ගෙනියන්න ඇති වෙනකොට මං මයික් එක තද කරලා අල්ලන් ඇස් පියාගත්තා....







💍I SEE YOU💍 ( Zhanyi short Ff ✔  )Where stories live. Discover now