මම ශෙල්ස් එකතු කරන්න සැරෙන් සැරේට බිමට නැවිලාම මගේ කොන්ද රිදෙන්න පටන් ගන්නකොට මම ශෙල්ස් එකතු කරන එක නවත්තනවා කියලා හිතුවත් මට නවත්තන්න හිතුනේ නෑ.

කොහොමහරි මගේ කොන්ද හොඳට ම රිදෙන්න ගන්නකොට මම මගේ බකට් එකේ හතරෙන් එකක් ශෙල්ස් පුරවගෙන තිබුනා. ටේයුන්ත් ආසා වෙයි කියලා හිතලා මම මුලු බකට් එකම පුරවනවා කියලා හිතලා ශෙල්ස් එකතු කරගෙන යනකොට මම දැක්කා පොඩි ළමයි ටිකක් ඉන්නවා. ශෙල්ස් බකට් එක දැකලා ඉල්ලලා මගේ පස්සෙන් ඇවිත් වද දෙන්න ගනී කියලා මට හිතුනේ එතන හිටිය ළමයි සේරම අපි එනකොට සද්දෙන්ම රණ්ඩු කරන ගමන් රණ්ඩු වුන නිසා. ඒ ළමයි යාලුවෝ හදාගෙන කාස්ට්ල් එක හදනවා වෙනුවට රන්ඩු කර කර ඉන්නකොට ටේයුන් තනියෙන් ප්ලේ කරනවා.

ඇත්ත තමයි දෙයක් තියෙනකොට ඒ දේ අගයක් නෑ කියන්නේ.

මම ටේයුන්ටත් එක්ක ශෙල්ස් එකතු කරගෙන බකට් එක පුරව⁣ගෙන හිමින් මගේ ඇඟට බකට් එක කවර් කරගත්තේ ඒ යක්ෂ ළමයි ටික දැක්කොත් ⁣මගේ මහන්සිය අපතේ යාවි නැත්තන් ⁣මගේ කොන්ද දෙකට කැඩිලා බිමට වැටෙනකන් මට තවත් ශෙල්ස් අහුලන්න වෙයි කියලා බය හිතුන නිසා.

ඒ ළමයි ඉන්න තැනින් හිමින් ඇවිත් මම බීච් එක දිගේ ටේයුන්ගේ මැට් එක තියෙන තැනට ආවා. මම ශෙල්ස් අහුලන්න කියලා බීච් එකේ කෙලවරටම ඇවිත් තියෙනකොට මට ආයෙත් ටේයුන් ඉන්න පැත්තට යන්න ගොඩක් වෙලා යයි කියලා මගේ හිත කිව්වා. මොනවා වුන මම දුවන්නේ නැතුව ඉක්මනට ටේයන් ගාවට යන්න පටන්ගත්තේ ටේයුන්ට රෑ වෙනකන් බීච් එකේ ඉන්න බැරි නිසා.

ජන්ග්කූක් ගෙදර ආවාද කියලා බලන්න මම ට්‍රව්සර් එකේ සාක්කුවෙන් ⁣ෆෝන් එක ගන්න හැදුවත් මගේ ට්‍රව්සර් එකේ සාක්කුව ඇතුලට වෙනුවට මගෙ අත දණහිස ගාවට ගියා. අත සාක්කුවට නොයා දණහිස ගාවට ගියේ ඇයි කියලා බලන්න මම මගේ ට්‍රව්සර් එක දිහා බලද්දී මම දැක්කා මම ඇඳන් ඉන්නේ මගේ බීච් සූට් එකේ ශෝර්ට් එක කියලා. එතකොට මගේ අත පහලට ගිහිල්ලා තියෙන්නේ බීච් ශෝර්ට් එකේ සාක්කුවක් නැති නිසා වෙනකොට මට තේරුනා මගේ ෆෝන් එකත් ⁣දැන් වාහනේ ඇතුලේ තියෙන ඇඳුම් බකට් එකේ තියෙන මගේ ට්‍රව්සර් එකේ සාක්කුවේ ෆෝන් එක තියෙනවා කියලා.

ෆෝන් එක ගැන හිත හිත ෆෝන් එතටයි ශෝර්ට් එකටයි මටයි හිතෙන් මම බනින ගමන් එනකොට මගේ කකුල නිකන් එරුනා කියලා වගේ තේරුනා. එරෙන්න මෙතන මඩ වලක් නෑ කියලා මට මතක් වෙනකොට මම පහල බැලුවේ මෙතන වලක්වත් හදිස්සියෙන්වත් හැදිලාද කියලා. ඒත් මම පහළ බලපු මෝඩකම කියලා හිතුනේ පහළ බලපු ගමන් එතන වැලි ගොඩක් යට හිටිය ෆොරිනර් මට ඉන්ග්ලිශ් වලින් බනින්න පටන් ගත්ත නිසා.

එතන හැට පැනපු ෆොරිනර් කෙනෙක් ඉන්නවා කියලා මම දන්නවා නම් මම වැලි ගොඩ පාගගෙන වැලි ගොඩ දිහා නොබලාම වැලි ගොඩ උඩින් යනවා. ඒත් අවාසනාවද වාසනාවද කියලා දන්නේ නැති මම වැලි ගොඩ දිහා බලලා මූඩ් එක ඉවරයක් කරගත්තා. ෆොරිනර් අත දික් කර කර මට බනිනකොට මම බනිනවාදෝ නැද්දෝ කියලා හිත හිත ඉඳලා අන්තිමට හිතාගත්තා සොරි කියලා කියනවා කියලා ඒත් මම සොරි කියලා කියනවා කියලා හිතලා අන්තිමට මගේ කටින් කියවිලා තිබුනේ එතනට කොහෙත්ම ගැලපෙන්නේ නැති තත්වය දරුණු කරන්න පුලුවන් වචන හතරක්.

" වට් නොන්සන්ස් ඊස් දිස් "





To be continued...

Zero O' Clock | Jin Centric Where stories live. Discover now