Chapter 7

36 10 0
                                    

ස්ටෙයා කේස් එකේ මම අන්තිම පඩියටම ඇවිත් ටේයුන්ගේ රූම් එකට යන්න කලින් හෝසෝක්ට දොර ගාව ඉඳන් කතා කලා.

" හෝසෝක්

හෝසෝක්

හෝසෝ- "

" හ්යුන්ග් එන්න දොර ඇරලා තියෙන්නේ "

" හෝසෝ⁣ක් ගුටි නොකා එලියට එනවා. "

" අයියෝ හ්යුන්ග් "

හෝසෝක් කියව කියව එලියට ඇවිල්ලා මම දුන්න කොෆී ට්‍රේ එක ඇතුලට අරන් ගියා.

" සම්චුන් ඒ කවුද ? "

මම දොර ගාව ඉඳන් ඇතුලට යන්න හදනකොටම මට ඇහුනා පුංචි කටහඬක් හෝසෝක්ට කතා කරනවා. මම හෝසෝක් කියන්න යන දේ අහගෙන ඉන්න හැදුවත් ජන්ග්කූක් මැදින් පැනලා වැඩේ විනාස කරලා දැම්මා.

" අප්පා බලලා එන්නම් බබා. "

ඒත් එක්කම දොර ගාවට වෙලා හිටිය මාව ඉස්සරහට විසික් වෙලා ගියේ ජන්ග්කූක් ආපු පාර. ජන්ග්කූක් තාමත් බ්ලේසර් එක පිටින්. එයා ඇඳුම් මාරු කරලත් නෑ.

_මේකා යෝධයෙක්ද ?_

" ආහ් සොරි හ්යුන්ග් මම දන්නෙ නෑනේ හ්යුන්ග් මෙතන කියලා. ඇතුලට යමු හ්යුන්ග් "

" ජන්ග්කූක් "

මම ජන්ග්කූක් රූම් එකට යන්න දොර අරන ලොක් එකට අත තියද්දිම ජන්ග්කූක්ගෙ වම් අතින් අල්ලගන්නවත් එක්කම ජන්ග්කූක් දොරේ ලොක් එක අත අරින්නේ නැතුවම මාත් එක්ක කතා කරන්න පටන් ගත්තා.

_ලොක් එක ගැලවිලා වැටෙන්නේ නෑ ජන්ග්කූක්_

" හ්යුන්ග් "

" ටේ මොනවද කිව්වේ "

" ගිහින්ම බලන්නකෝ හ්යුන්ග් "

ජන්ග්කූක් හිනාවෙවී එහෙම කියලා දොරේ ලොක් එක කරකවලා දොර අරිනකොට මොකක්දෝ හේතුවකට මගේ හාර්ට් එක හුඟාක් වේගෙන් ගැහෙන්න ගත්තා. මම ලොකු හුස්මක් අරගෙන මාවම සන්සුන් කරගෙන ඉක්මනින් මගේ ඇදුම හදාගත්තා. මගේ පෙනුම දිහා මම එතන තිබුන ලොකු වෝල් මිරර් එකෙන් බලලා අඩුපාඩු තියෙනවාද කියලා ඒ පුංචි වෙලාවට බලාගත්තා. කිසිම අඩුපාඩුවක් නෑ කියලා මම තහවුරු කරගෙන මම අන්තිමට ජන්ග්කූක්ගේ පැත්තට හැරුනා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now