Chapter 11

34 10 0
                                    

" ටිකක් තදට වැදිලා ජන්ග්කූක් ප්ලාස්ටර් එකක් දාන්න වෙයි. ඉක්මනට අරන් හොස්පිට්ල් එකට යමු ජන්ග්කූක්. "

කියන පරක්කවටම ජන්ග්කූක් ⁣නවත්තන්නේ නැතුවම අඬන ටේයුන්ව වඩාගෙන හෝසෝක්වත් තල්ලු කරගෙන ස්ටෙයා කේස් එක වේගෙන් බැහැගෙන ගියේ එක අතකින් ටේයුන්ව වඩාගෙන අනිත් අතින් හෑන්ඩ් රේල් එක අල්ලගෙන. සොනික් වගේ වේගෙකින් යනකොට මමත් හෝසෝක් එක්ක ජන්ග්කූක් හැරෙනකොටම ස්ටෙයා කේස් එකේ පහලට දුවගෙන ගියේ හෝසෝක්ට ඩ්‍රයිව් කරන්න කියලා කියන ගමන්.

මම හෝසෝක් එක්ක යනකොට ජන්ග්කූක් ටේයුන් එක්ක වාහනේට නැග්ග ගමන් මම පැසෙන්ජර් ශීට් එකට නැගලා හෝසෝක් ඩ්‍රයිවින් ශීට් එකට නැගලා වාහනේ ස්ටාර්ට් කරලා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තේ ශීට් බෙල්ට් එක නොදා. ජන්ග්කූක් ටේයුන්ව ලැප් එකේ තියාගෙන ටේයුන්ව නළවන්න හැදුවත් මම දන්නවා මේ පේන් එකට ටේයුන් තියා වෙන කිසිම ළමයෙක් අඬන එක නවත්තන්නේ නෑ කියලා.

ජන්ග්කූක් ටේයුන්ව බදාගෙන මොනවදෝ කියවන ගමන් ටේයුන්ව එහාට මෙහාට පද්දන්න හැදුවත් ටේයුන් ජන්ග්කූක්ගේ ලැප් එකට වෙලා අඬනකොට මම දැක්කා බය වුන පාරට ජන්ග්කූක්ගේ මුලු ශර්ට් එකට දාඩියෙන් තෙත් වෙලා තියෙනවා. ජන්ග්කූක්ගේ දාඩිය දාලා ඇඟටම ඇලෙන ශර්ට් එක බදාගෙන ටේයුන් අඬනකොට මම දැක්කා ජන්ග්කූක්ගෙ ඇස් වලිනුත් කඳුළු වැටෙනවා. ටේයුන්ගේ ඔලුවට කිස් දිදී ඉන්න ජන්ග්කූක්ව දැක්කට පස්සේ මට තේරුනා නොකිව්වාට ජන්ග්කූක් ටේයුන්තරම් වෙන කිසිම කෙනෙකුට ආදරේ නැතුව ඇති කියලා. ටේයුන්ව මගේ අතට ගන්න හැදුවත් මගේ හිත කිව්වා දැන් ටේයුන් එන්න කැමති වුනත් ජන්ග්කූක් ටේයුන්ව එවන්නේ නෑ කියලා.

ජන්ග්කූක් අඬන ටේයුන්ව බදාගෙන ටේයුන්ගේ අවධානේ වෙනස් කරන්න එක එක විකාර කියවන්න ගන්නකොට හෝසෝක් ගෝඩ්ට ඉක්මනින් යන්න ට්‍රැෆික් නැතිවෙන්න කියලා කියවන්න ගත්තා. හෝසෝක් ශෝර්ට් කට් කිය කියා එක එක පාරවල් වලින් යනකොට මගේ හිත කිව්වේ මේන් රෝඩ් එකේ ගියානම් දැන් අපි හොස්පිට්ල් එකට ඇවිත් වෝර්ඩ් එකටත් ඇවිත් කියලා. ⁣ඒත් හෝසෝක් වෙලාවේ හැටියට ට්‍රැෆික් එක ගැනත් හිතලා ටේයුන් ඉන්න සිටුවේශන් එක ගැනත් හිතලා ට්‍රැෆික් තියා එක මනුස්සයෙක්වත් නැති පාරවල් වලින් යන්න ගන්නකොට මම ඉක්මනින් යන්න පුලුවන් වෙන්න කියලා ගෝඩ්ට කිව්වා.

Zero O' Clock | Jin Centric Where stories live. Discover now