🏵️🏵️ Arranged Marriage 🏵️🏵️

Start from the beginning
                                    

එයා කියපු දේට මං කරේ බිම බලාගෙන ඔලුව වනපු එක විතරයි.

" නාරා!...මට තේරෙනවා ඔයා තාම පොඩි ලමයෙක්නේ...කසාදයක් කියන එක ඔයාගේ වයසේ ලමයෙක්ට ටිකක් බර වැඩියි තමයි...ඒත් මගේ මල්ලි ඔම්මා නැතිවුනාට පස්සේ මෙච්චර සතුටින් හිටපු දවසක් මං දැක්කමයි ඔය..."

ඕහ්!...එයාගේ මල්ලිද එතකොට ටේහ්‍යුන්?...හ්ම්...පුදුම වෙන්න දෙයක් නෑ...එයත් මෙච්චර ලස්සන ඒ හින්දා වෙන්න ඇති...

" ඒ හින්දා ඔයා එයාගේ හිත රිදෙන විදිහේ දේවල් මුකුත් කරන්නේ නැතිවෙයි කියලා මං හිතනවා...මං කිව්වේ...ඔයාට තේරෙනවා ඇතිනේ මං අදහස් කරපු දේ...එහෙම නේද? "

මුලදි කරුනාවන්ත විදිහට කතා කරපු එයා අන්තිම ටික නම් කිව්වේ හරියට විධානයක් වගේ..හ්ම්...කොහොමත් එහෙමනේ...හැමදේම වෙන්නේ Kimලට ඕන විදිහට!

මාමා එදා කියපු දේ හරියටම හරි.සෝල් වල තිබුනු companies වලින් බාගෙට බාගයක්ම අයිති වෙලා තිබුනු Kimලට, එයාලගේ වටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අල්ලේ නටවන එක මහ වැඩක් නෙමෙයිනේ ඉතිං...

අර ටේහ්‍යුන්ගේ අයියා කියපු මනුස්සයට මං කරේ උත්තරේ විදිහට ඔලුව වනපු එක.ඇත්තටම මට එයාට කියන්න වෙන කිසිම දෙයක් තිබ්බේ නෑ.

එයා යන්න ගියේ මගේ ඔලුවත් අතගාලා...හ්ම්...සල්ලිකාරයෝ හරි දක්ෂයිනේ ඔලුව අතගාලා ටොකු
අනින්න..හරියට නිකං අපිට උදව් කරන මුවාවෙන් එයාගේ ඇවිදගන්න බැරි මල්ලිව මගේ කරේ ගහපු එක වගේ.

**********

අපි හොටෙල් එකට වාහනේ යන අතරමඟදිත් ටේහ්‍යුන් කීප වතාවක්ම මගේ දිහා බලනවා කියලා මට දැනුනත් මං එයා දිහා එක වතාවක්වත් බැලුවේ නෑ.ඇත්තටම මට එයාගේ මූන බලන්න කිසිම ඕනකමක් තිබ්බේ නෑ.මං හිටියේ car එකේ shutter එකෙන් එලිය බලාගෙන.

මගේ හිතේ තිබුනේ එකම දෙයයි.අදින් පස්සේ මට වටින එකම දේකට කියලා තිබුනු මගේ මානසික නිදහසත් නැත්තටම නැතිවෙනවා කියන එක විතරයි.


Car එක හොටෙල් එක ඉස්සරහින් නැවැත්තුවට පස්සේ මං car එකෙන් බැහැලා අපිට වෙන්කරලා තිබුනු room එකට ආවේ ටේහ්‍යුන් දිහා බලන්නේවත් නැතුව.මං එනකොට ඇස් කොනෙන් වගේ දැක්කා අර සේජින් කියපු ටේහ්‍යුන්ගේ secretary කාරයා වාහනෙන් බස්සගෙන ටේහ්‍යුන්ව wheel chair එකෙන් තියාගෙන මගේ පස්සෙන් එක්කන් ආවා කියලා.

~Bobby~ || KTH ✔️Where stories live. Discover now