💖 Chapter 28💖(LAST )

503 76 37
                                    

..

..

..

..මං කිව්වොත් ශුවානුයි මායි කියන්නේ එකම අම්මගේ දරුවෝ කියලා......











එයාට මොනා දැනුනද කියන්න දන්නේ නෑ...ඒත් මට දැනුනු බලාපොරොත්තු කඩවීම ..වේදනාව..රැවටීම..මේ හැමදේටම වඩා අඩුවෙන් එයාට ඒ හැගීම දැනෙන්න ඇති..හිටගෙන හිටිය මට පිටිපස්සෙන් හිටිය එයාගේ හුස්ම ගන්න හඩ පවා නෑහෙන තරමට අපි.අතරේ ලොකු නිහඩකමක් තිබුනා....හරියට ශුවාන් ඒක කියද්දි මං ඇස් ලොකු කරන් අහන් හිටියා වගේම...එයාට කාලේ ඕන උනා...සහෝදරයා කියලා නොදැන ආදරේ කරපු මගෙ මතකවලින් මිදිලා මට සහෝදරයගෙම තැන දෙන්න...ඒ වගේම මටත් ඒක මගෙ හිතට ඒත්තු ගන්වන්න කල් ඕන උන..මගෙ මමා මාව හැමවෙලාවකම ඩාන්සින්වලින් අයින් කරන්න හැදුවේ ඒ නිසයි..මං ඒ පැත්තෙන් යනවට එයා බය උනේ අපි දෙන්නා මුන ගැහෙයි කියලයි...මොකද ශුවාන් කියන්නෙ මමා අමතක කරන්න හදපු වලලලා දාපු අතීතේ....හදිසි වෙලා ගත්ත තීරන නිසා කැඩුනු කසාදෙකින් ඉතුරු උනු එකම දේ...කොච්චර නඩු කිව්වත් ලගට ගන්න බැරි උනු මමාගේ පලවෙනි දරුවා...ඒ නිසාම අමතකම කරලා දාන්න උනු ඒ කිරි සුවද පිරුනු අතීතේ...වැරැද්ද කාගෙද...නඩුවලින් පැරදුනා කියලා ලන්ඩන් එක්ක ශුවාන්වත් අතෑරලා ආව මගෙ මමාගෙද..නැත්නම් හේතුවක් නැතුව ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වෙලා පොඩි කාලේ ඉදන්ම තමන්ගේ දරුවගේ කටහඩ විකුණලා කන්න හදාපු එයාගේ පපාගෙද...හිතාගන්න බෑ..වැරැද්ද කාගේ උනත් නොදැනුවත්ම අපි දෙන්නම විදවලා...ඒ වගේම ආදරවන්තයගේ තැන සහොදරයා කියන නමට වෙන් කරන්න බැරිව අපි තාම විදවනවා....සමහර විට මං එදා හොස්ටල් ඉන්නකොට මමා නාවා නම් එයාට කවදාවත් එයාගේ පලවෙනි දරුවා ටීවි එකෙන් වෙනුවට හැබැහින් දකින්න වෙන එකක් නෑ..ඒ වගේම සමහර විට අපි දෙන්නත් ආපහු හැරෙන්න බැරි තරමට දුර ගිහින් තියෙන්න තිබුනා...

මං සතුටු වෙන්න ඕනද...ඒත් මොකක් ගැනද...මගෙ පලවෙනි ආදරේ මගෙම සහෝදරයා උනු එකටද එහෙම නැත්නම් දුර දිග යන්න කලින් මේ සම්බන්දේ නතර උනු එකටද...මට දුකයි...මොනා උනත් ඒ මං හදවතින්ම ආදරේ කරපු කෙනා...දවසක ලස්සන පවුලක් හදාගෙන එක වහලක් යට ජීවත් වෙන්න හීන මවපු කෙනා...මන් මවපු හීන..මගෙ බලාපොරොත්තු එක රෑකින් වැස්සත් එක්කම හේදිලා ගිහින් තියෙද්දි මට මහ කලකිරීමක් දැනුනා...තේරෙන්නේ නෑ මොකක් නිසාද කියලා..ඒත් පපුවට තුරුලු කරන් එයා මට දීපු හැම හාදුවකම උනුහුම මතක් වෙද්දි මට දරන්න අමාරු පිලිකුලක් කලකිරීමක් දැනුනා....මට හැමදේම අතැරලා යන්න ලොකුම හේතුව උනෙත් ඒක...මං මගෙම සහෝදරයා එක්ක වැරදි විදිහට හැසිරුනා කියන සිතුවිල්ල මාව තප්පරෙන් තප්පරේට රිද්දුවා....සමහර විට එයා යන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති...අපි දෙන්නම එක බඩ වැල කඩාගෙන ආව සහෝදරයෝ වෙද්දි ඒ විදිහට සම්බන්ධයක් පටන් ගත්ත එක ඇත්තටම මට මහ කලකිරීමක් ගෙනාව...මට එයාව අමතක කරන්න පුළුවන් වෙයි...එයාට දීපු හදවතේ ඉඩ සහෝදරයා කියන නමට වෙන් කරන්න පුළුවන් වෙයි...මේ හැමදේම හීනයක් කියලා මට අමතක කරලා දාන්නත් පුළුවන් වෙයි...ඒත් මං දන්නෙ නෑ මට ආයෙම එයාට මූන දෙන්න පුළුවන් වෙයිද කියන එක..කවදාහරි දවසක හිතේ බයක් නැතුව එයා ඉස්සරහට ගිහින් කතා කරන්න පුළුවන් වෙයිද කියන එක මම දන්නේ නෑ..ඒත් මං උත්සහා කරනවා..හැංගිලා තවත් විදවනවා වෙනුවට එයාට මූන දීලා සැනසීමෙන් හුස්ම ගන්න මං උත්සහා කරනවා.....


❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now