💖 Chapter 27💖

285 63 5
                                    



..



..





..










..ආවු..ස් ආ..වු මගෙ ඔලුව..ආහ්හ්..



ඔලුව පුපුරන්න වගේ වේදනාදක් එකපාරටම දැනෙන්න ගද්දි මට නිකන්ම කෑ ගැස්සුනා...කොයිතරම් පුරුදු උනත් හැමදාම පොඩ්ඩක්වත් අඩු නැතුව මං මේ වේදනාව වින්දා...සිහිය නැති වෙලා හැම මතකයක්ම අමතක වෙලා යනව නම් කියලා හිතන් බිව්වත් පහුවෙනිදට ඇත්තටම හොද සිහියෙන් ඉන්න බැරි තරමට මගෙ ඔලුව වේදනා දුන්නා...ආහ්හ්...ඒක් ඇත්තටම රිදෙනවා...සති දෙකකට කලින් කොහොම උනත් ඇත්තටම දැන් නම් මගෙ හදවතට වඩා ඔලුව රිදෙනවා..කතාවක් තියෙනවනේ කාලය විසඳුම් හොයලා දෙයි කියලා කිව්වත් ඒ බලාහිදීම කරන්නෙම අපේ හිත් හදලා අපිට ඉවසීම පුරුදු කරන එක කියලා...ම්ම්..මං හිතන්නේ මටත් උනේ ඒකමයි...වේදනාවට පුරුදු වෙලාම මට දැන් ඒක හුරුයි...මං කියන්නේ ඔලුවේ කැක්කුම ගැන නෙවේ...මගෙ ඇතුලේ ඉදන් තාමත් පන ගැහෙන ඒ හදවතේ වේදනාව ගැන...කාලෙකට කලින් හිතුනා මං මැරිලා ගියාවත් නම් කියලා..ඒත් දැන් හිතෙනවා දරාගෙන විදගෙන හිටිය එක කොයිතරම් දෙයක්ද කියලා..අතාරින්න හිතුනු තැන්වල මන් අතෑරියා නම් එයා ලගට යන්න කලින්ම මට මගෙ ජීවිතේ නැති වෙන්න තිබුනා....ඒ හින්දා මං මටම කියාගත්තා....අතාරින්න හිතෙන තැන්වල අතාරින්න හදනවා නම් ඒ ගැන දෙපාරකට වඩා හිතන්න කියලා...මොකද අතෑරලා දැම්මට පස්සෙ සමහර විට පසුතැවෙන්නවත් අපි ජීවත් වෙයිද කියලා කියන්න අමාරුයි.....




....ම්හුක්....





නිදාගෙන හිටිය තැනින් නැගිටලා මං අත් දෙකෙන්ම ඔලුව බදාගත්තා...ආ..හ්හ්..පැලෙන්න තරම් රිදෙනවා.....හිතේ වේදනාව අමතක කරන්න හිතන් මන් මගෙ ඇගටම රිද්දගෙන අන්තිමට විදවනවා....ඒක සමහර විට වේදනාව අමතක කරන හරි ක්‍රමේ නොවෙන්න පුළුවන් ...ඒත් මිනිස්සු තෝරගන්නෙම පහසු මාර්ගේ මිස හරි මාර්ගේ නොවෙද්දි මාත් ඒ ගොඩේම කෙලවරක හිටියා.....තාවකාලිකව දැනෙන සැනසීමට පස්සේ ආයෙමත් වේදනාවක් දැනෙන බව දැන දැන මිනිස්සු ඇබ්බැහි වෙනවා..එකක් කියලා නෑ හැමදේකටම...බීමත්කමට වගේම ආදරේටත්....වේදනාවක් දැනෙනවා කියලා අපිට ඒ ලැබෙන සැනසීම අතාරින්නත් බෑ..සැනසීමක් ලැබෙනවා කියලා ඒ වේදනාව අතාරුන්නත් බෑ...ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවකුත් අනිවාර්යයෙන් ම ආපිට ලැබෙනවා....ඒත් අපි ඒ බව දැන දැනම නැහෙනවා..ලැබෙන හෝ නොලැබෙන දෙයක් පස්සේ පන්නනවා..කවදාවත් පිලිගන්නේ නෑ හිමි වීමක් පිටිපස්සේ අනිවාර්යයෙන් ම අහිමි වීමකුත් තියෙනවා කියන එක.......ඒ වගේම දෙයක් ලබා ගන්න නම් දෙයක් කැප කරන්න වෙනවා කියන එක...හ්ම්ම්...මං හුගක් දේවල් කැප කලා....ශුවාන් වෙනුවෙන් මන් මගෙ හීනේ කැප කලා...අන්තිමට ඒ බලාපොරොත්තු කඩවීමෙන් ලැබුනු වේදනාව යතාර්තයක් කියලා පිලිගන්න බැරිව මං ඒ වෙනුවෙන් මගෙ සැනසීම කැප කලා...මට හිතාගන්න බෑ තව මොනා මොනා මට කැප කරන්න වෙයිද කියලා...මං හිතන්නේ මගේ ජිවිතේ හිලව්ව විදිහට දෙන්න වෙන දවස වෙනකම් මං කැප කරනවා.....








❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now