💖Chapter 20💖

237 62 7
                                    

..

..

..




..තමුසෙගෙ මල්ලිගේ වාසනාව ඕයි..


  හිනාවෙන්න ඕනෙ නැති උනත් මට හිනා යද්දි මං දැක්කා කොල්ලා මට රවනවා..පුහ්..මං බය වෙයි හොටු කොල්ලන්ගෙ රැවිලිවලට  ..



..ඔව් ඔව් මල්ලිගෙ ඇදුම ගලවලා දැම්මනේ.ඇදන් හිටියා නම් මේක වෙන්නේ ණෑ..

...ආ දැන් තමුසෙ කියන්නෙ මං තමුසෙගෙ මල්ලිගේ වාසනාව ඇදන් හිටියා නම් ගඟ පිටාර ගලලා පාලම යට වෙන්නෙ නෑ කියලද ..


..ම්ම්ම්..සමහරවිට..

..රෙද්දක් කියවන්නෙ නැතුව ඉන්නවා ඕයි  ..මගුල..


..දැන් මොකද කරන්නේ..


..මොනා කරන්නද ඉතින් ..පාලමෙන් යන්න බෑනේ..අපිට ආපහු හරවන් වටෙන්  යන්න වෙනවා..

..අනේ එතකොට එයා ගිහින් තියෙයිනේ..



  කොල්ලා එහෙම කියද්ද මං සාක්කුවට අත් දාන් පිටාර ගලපු ගඟ දිහා බලන් හිටියා ..හිතුවටත් වඩා වැහැලා තිබ්බ නිසා කනු විතරක් පේන්න සම්පූර්ණයෙන්ම පාලම යට වෙලා තිබුනා..දෙපැත්තෙන් තිබුනේ තනිකරම තැනිතලාවක් වෙද්දි කාටවත් කරදරයක් වෙලා නැති උනත් අපි අහු වෙලා හිටියේ ඊට වඩා කරදරේකට..ශූ ඉන්නෙ මගෙ ඇස් මානේ  ..කොටින්ම කියනවා නම් මට පේන තැනිතලාවේ ඈතට වෙන්න තියෙන පොඩි කදුගැටේ උඩ තියෙන හොටෙල් එකේ තමා මිනිහා ඉන්නේ..යන්න ලේසිම පාර තිබිලත් වෙලා තියෙන දේ එක්ක පැය බාගේ ගමන වෙනුවට ආපහු හරවන් පැය දෙකක ගමනක් යන්න වෙනවා..මොන හෙනයක්ද මන්දා මේ පාත් උනේ..දෙවියොත් කරන්න්‍ර් මාර සෙල්ලම්..මෙච්චර දවස් වැහැලා පිටාර ගලපු නැති ගඟ අපි ආවාම විතරක් පිටාර ගැලුවා..මේක රෙද්දෙ වාසනාවක් තමා..ඔව්නෙ මේක ඉතින් මේ මෝඩයගේ මල්ලිගේ රෙද්දෙ වාසනාවනේ..




..කෝ එනවා යන්න..මෙතනට වෙලා බලන් හිටියා කියලා පාර හැදෙන්නෙ නෑනේ..ඉක්මන් කරනවා..අරූ යන්න කලින් පැය දෙකේ ගමන් පැය එකහමාරෙන්වත් ගිහින් අල්ල ගන්න ඕන..




කොල්ලා මුකුත්ම නොකියා ඔලුව වනද්දි මං නැගලා කාර් එක ස්ටාර්ට් කලා..කොල්ලා කතා කලේ නෑ..මං දැක්කා ඒ ඇස්වල කදුලු පිරිලා තියෙනවා..කොල්ලට තරහා ඇති ..මොකද පරක්කු වෙනවා නම් පරක්කු වෙන්නෙ මගෙ වැරැද්දෙන්නේ..වැස්සට අහු උනු එක..කාර් එක ගොඩ ගන්න වෙලා ගිය එක..හොටෙල් එකේ විකාර නටපු එක..මේ හැමදේම මගෙ වැරැද්දක් වෙද්දි මට තේරුනා කොල්ලා ඉන්නෙ මට බැනගන්න බැරිව කියලා..ඔව් ඉතින් බැන්නොත් ඒකා කෙලින්ම බෙල්ලෙන් අල්ලලා මුල්ලකට විසි කරලා යන්න මට පුළුවන් නේ..හැබැයි ඉතින් බැන්නා කියල මං බයත් නෑ..බනිනවා නම් මටත් පුළුවන් අනිත් පැත්තට බනින්න  ..හුහ්..හිතන් ඇති උපාධියක් ගැහුවා කියලා මං බයයි කියලා..ඒක මං දන්නෙ කොහොමද කියලද බලන්නේ..මේ කාලේ ඉතින් පොඩි එකෙක්වත් විස්වාස කරන්න බැරි එකේ මං මේ කොල්ලව කා එකට නග්ග ගත්තේ උප්පැන්න සහතිකේ ඉදන් උපාධි සහතිකේ වෙනකම් බලලා තමා..ශූ ඔලුව උඩ තියන් හිටියට මටත් පුළුවන් ද එකපාරටම කෙනෙක්ව විස්වාස කරන්න..ඔයි සේරටම හපන්නේ මූ මගෙ ඇන්ටි ෆෑන් කෙනෙක් උනොත්..මොනා උනත් කටේ සද්දෙ හැර වෙන වරදක් කියන්න..කරදරයක් නොවී ඉන්නවානේ පොඩි එකා වගේ..


❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now