💖Chapter 11💖

245 55 4
                                    

..

..

..

ලන්ඩන් පාලමේ හැප්පිලා ආව සීතලම සීතල හුලග ඇගේ වැදෙද්දි සීතල නිසාම මන් මගෙ ශිමේව ඇගට තුරුලු කර ගත්තා..දැන් නම් සීතල අඩුයි වගේ..එහෙම හිතන් ආයෙත් ඇස් උස්සලා බැලුවෙ දෙයක් කියන්න උනත් ශුවාන්ගෙ බැල්ම දැක්ක ගමන් මගෙ සීතල කොහෙටදෝ පැනලා ගිහින් එකපාරටම කොහෙවත් නැති දාඩියක් මට දාන්න ගත්තා..අනේ ඒ ඇස්..ඒවා කෙලින්ම තිබ්බෙ මගෙ ඇස් දෙක දිහාට..කටින් කිව්වෙ නැති උනත් හුඟක් දේවල් ඒ ඇස්වලින් කියවෙනවා කියලා මට හිතුනා..තාමත් මට අදහා ගන්න බෑ මේ මං ඉස්සරහා මට හුස්මක් දුරින් ඉන්නෙ ලෝකයක් දන්න හැමෝගෙම සිහින කුමාරයා උනු ශුවාන් කියලා..ආපු වෙලාවෙ ඉඳන් මං සිය පාරක් විතර මාවම කොනිත්ත ගන්න ඇති..ඒත් මට මේක තාමත් අදහා ගන්න බෑ..චීනෙදි අහම්බෙන් හම්බුනු එයා හිතුවෙවත් නැති විදිහට ලන්ඩන්වලදිත් මගෙ ඇස් ඉස්සරහට එද්දි මං ඇස් අදහාගන්න බැරිවයි බලාගෙන හිටියෙ..අදට අපි එහෙම හම්බවෙලා මාසයක් විතර උනත් තාමත් මට ඒ පුදුමෙන් මිදෙන්නවත් මේක ඇත්තක් කියලා පිලිගන්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ..එයා කියන විදිහට අපි යාලුවෝ..ඒත් මට එහෙම දැනෙන්නෙ නෑ..ඇයි දන්නෙ නෑ මගෙ අනිත් යාලුවො එක්ක ඉද්දි වගේ මට නිදහසක් සැහැල්ලුවක් ශුවාන් ගාවදි දැනෙන්නෙ නෑ..ඒක හරි අමුතු හැඟීමක්..මට දැනුනෙම මගෙ ඇඟ දිගේ මොනා හරි යනවා වගේ..හරි නම් මේ වෙද්දි මට ලෝකෙ තියෙන හැම විකාරයක් ම හිතෙන්න ඕනෙ උනත් එයා ළඟ ඉන්න නිසා මට හිතුනෙම මගෙ හදවත ගැහෙන්නෙත් එයාට ඕන විදිහට කියලා..ඇයි මං මෙච්චර සංවර විදිහට කතා කරන්නෙ..කෝ මගෙ ඉවරයක් නැති දැගලිල්ල...ඒවට මොකද උනේ..මට හිතාගන්න බෑ..ශුවාන් මට මොනා හරි කරලා..ඒ තද කලු පාට ඇස්වලින් මට මොනාම හරි මායාවක් කරලා..මට හිතෙන්නෙම මන් එයා...ට..නෑ..නෑ..මොනාද මං.මේ හිතන්නෙ..එහෙම වෙන්න බෑ යාලුවො උනු පලියට මට බෑ සීමාව පන්නන්න..ඒත් මට තාමත් එයා දිහා එක දිගට කෙලින් බලන් ඉන්න බෑනෙ..මට දැනෙන්නෙ මාව නිකන් රත් වෙලා යනවා වගේනේ..

..ජා..න්..

මං ගැස්සිලා ගියා..සිය පාරකට වඩා එයා මගෙ නම කිව්වත් මං තාමත් ඒ කටින් මගෙ නම පිටවෙද්දි ගැස්සෙනවා..ඒක තේරුණු නිසාම ශුවාන් මන් දිහා බලලා හිනා උනා..ඒ හිනාවට එයාගෙ ඇස් හීනි වෙනවා..කම්මුල් පිරිලා යනවා..

❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now