💖Chapter 24💖

234 69 20
                                    


කියවන්න අයත් නෑ මට අද්දන්නත් බැරි නිසා මං මේක තිහෙන් ඉවර කරනවා..කොහොමත් මට මේ දවස්වල දීසක්කාව වැහිලා..පරන ඒවා නොදී අලුත් ඒවා දෙනවා...🤣

..

..

..





..හොදටම විස්වාසද...


  ස්ටෙයාරින් වීල් එක තවත් අතට තද කරගෙන මං ඇහුවා..

..ම්..හොදටම විස්වාසයි...මං මේ ගමන ආවේ ශූ වෙනුවෙන් නම් මං ආපහු යන්නෙත් එයාව එක්කගෙනමයි...

..හරි එහෙනම්..


   මං ඕනාවට එපාවට වගේ හුස්මක් ගන්න ගමන් කාර් එක පාරට දැම්මා...උනේ අපි දෙන්නම බලාපොරොත්තු උනේ නැති දෙයක් වෙනකොට සතියකට ළඟ කාලයක් අපි දෙන්නටම හොස්පිටල් ඉන්න උනා...මං කවුද කියන එක ලෝකෙන්ම හංගන් ඒ කාලේ ඇතුලත ලන් වෙන්න බැරි බව දැන දැනම මං එයාට ලන් වෙලා හිටියා...අයිතියක් නෑ කියලා හිත කිව්වත් හද එලියටත් හොරෙන් මං එයාගේ නලලට හාද්දක් දුන්නා....හේතුවක් නැතිවම මන්පැය ගනන් ඒ වැහුනු ඇස් දිහා බලන් හිටියා..ඇරුනොත් ඒ ඇස්වල තියෙන්නෙ වෙන කෙනෙක් වෙනුවෙන් තියෙන ආදරේ කියලා දන්න නිසාම මං පුළුවන් තරම් ඒ ඇස් මග ඇරලා වැහුනු ඇස් දිහා හැම මොහොතකම බලන් හිටියා...තාමත් මට ඒ ඇස් දිහා කෙලින් බලන්න බෑ...මොන තරම් වේදනාවක් තියාගෙන උනත් එයා ශූ වෙනුවෙන් නොදන්න පලාතකට යන්න තරම් එයාට ආදරේ කරනවා කියන එක ඒඇස්වලින් පෙනෙද්දි මට තවත් බැරි උනා වෙන කෙනෙක් වෙනුවෙන් ඒ ඇස් දිලිසෙන හැටි බලන්න...තාම හිතාගන්න බෑ ඒ ඇයි කියලා..මොකක්ද මේ බැදීම කියලා තේරුම් ගන්නත් බෑ...ඒත් මට එයාව අතාරින්න ලෝබයි..මගෙ නොවුනත්..සති දෙකකට ලන් උනු කාලයක් මාත් එක්කම හිටිය එයාව අතාරින්න මට පුදුම ලෝබයු...ඒත් මට අයිතියක් නැත්නම් ...එයාට ඕන කෙනා මං නෙවේ නම්...මට පුළුවන් ද...ඇත්තටම මට පුළුවන් ද බලෙන් එයාව ලන් කරගන්න...


..හ්ම්...

  මට ආයෙම හුස්මක් පිට උනා..තව පැය ගානයි..මගෙ ජෙලි බෝලේ යන්නම යනවා..මගෙ ඇස් ඉස්සරහා වෙන කෙනෙක්ගෙ වෙලා එයා යන්නම යනවා....

❤️If He Mine💚( Yizhan Completed  Ff) Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ