💖Chapter 17💖

206 62 3
                                    


..

..

..







අද නම් මහා එපා කරපු දවසක්..හා හා පුරා කියලා මාත් ආවනේ එකෙක්ව උස්සන් තව එකෙක්ව හොයන් යන්න..මේකගෙ රෙද්දෙ මල්ලිගේ වාසනාව..ඕක වාසනාව නෙවේ අවාසනාව ..ඒ අස්සෙන් වහිනවා වහිනවා ඉවරයක් නෑ..කන් දෙකත් පුපුරන්න වගේ..ඒ මදිවට බඩත් එක්ක දනවා..දවල්ට කෑවට පස්සෙ හවසට තේ එකක්වත් බිව්වා කියලද..දැන් රෑ දහයටත් ලගයි..මගෙත් ලොකුකමට හෙව්වනේ ලොකු ලොකු තැන්..හොද වැඩේ මටත් ඕන්නැත් මගුල් කරන්න යනවට..ඔය දැක්ක එක තැනක් තෝරන් නැවතුනාද බඩගින්නෙ මෙහෙම පීචන් වෙන්න වෙන්නෙ නෑනේ..ඒ අස්සෙන් පැය ගානක් එකම විදිහට ඉදලා පස්සත් රිදෙනවා..කසනවත් එක්ක..මේකා එක්ක ඒ මගුල කසා ගන්න විදිහක් ඇත්තෙත් නෑනේ..ආ..යිශ්..අවුරුදු දහයකට කලින් ගනන් ක්ලාස් එකේ ඉදන් හිටියට පස්සෙ මෙහෙම එකදිගට ඉදන් හිටියාමයි..හපෝ..පස්ස කූබී කනවා වගේ..


..යී..බෝ..

ඔන්න අනිත් කරදරේ..

..ඇයි මොකෝ..

..ඔයාට බඩගිනීද..

..මං රොබෝ කෙනෙක් නෙවේ බඩගිනි නැති වෙන්න..

..ඔයා කනවා නම් මේවා තියෙනවා..

සීට් එකට හේත්තු වෙලා වීදුරුවෙන් එළිය බලන් හිටිය මං එකපාරටම ගැස්සිලා ගිහින් කොල්ලගෙ පැත්ත හැරුනා..කොල්ලගෙ අතේ තිබ්බ ටික්ක් ලොකු බිස්කට් පැකට් දෙක දකිද්දි ඇස් දෙක ලොකු වෙන්න කලින් මට කෙල ගිලුනා..ඒකෙන් එකක් දික් කරන් හිටියෙත් මගෙ පැත්තට වෙද්දි මං බඩගින්නට මොන ආඩම්බරකම්ද කියලා ඒක උදුර ගත්තා..

..තමුසෙ ඇවිදින සුපර් මාර්කට් එකක්ද ඕයි..

වතුර බෝතලේකුත් මං ඉස්සරහින් තියද්දි මට නිකන්ම කියවුනා..ඇත්තටම මේකා ඇවිදින සුපර් මාර්කට් එකක් නේන්නම් ..මොනාද ඔය එල්ලන් ඉන්න උරචක්කර මාලේ අඩු..

උත්තරයක් නොදී කොල්ලා උරහිස් උස්සද්දි මං තිබ්බ බඩගින්නටම බිස්කට් එක කාලා දැම්මා..කොල්ලා නම් මොනා හරි හිත හිත වගේ බිස්කට් එක අතගානවා..අනිවා අර මෝඩයා ගැන තමා හිතනවා ඇත්තේ..මේ ලොකේ වෙන උන් නැද්ද දන්නෙ නෑ මූ අපේ එකා මත්තෙම නැහෙන්නෙ..හරි හරි ඉතින් ඌ වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති ෆෑන්ස්ලා සෙට් එකකුත් ඉන්නවා..ඒක වෙනමම කතාවක්..ඒත් මං අහන්නෙ ඔය තරම් ආදරයක් හින්දා නැහෙන්න ඕනද..ඔය ආදරෙයි කිව්වට කවුද දන්නෙ ශූගෙ බොරුවක්ද කියලා..කලින් කොල්ලෙක් නොහිටියට ඒකට ගමක් පුරවන්න යන ය්න තැන කෙල්ලො හිටියනේ..එක්කොත් ඕන නෑ..මට මොකටද අනුන්ගෙ පවුල් ප්‍රශ්න ..මං යන්නෙ ශූව හොයන්නනේ..ගියාට පස්සෙ දෙන්නට මරා ගන්න බැරි නම් උයාගෙන කන්න කියලා හරි මං ජාන්ව ශූට බාර දෙනවා..


❤️If He Mine💚( Yizhan Completed  Ff) Where stories live. Discover now