11

1.3K 167 63
                                    


ඒ මාළිගාවේ සියලු වැඩරාජකාරී නිමා වන හෝරාවක් විය. රජුද මතින් මත් ව මේ වන විට කොහේ හෝ බිසවකගේ සිරරක් මත පත බෑවී සිටිනු ඇත. මාළිගාවේ රාත්‍රී මුර සේවයේ සිටින්නන් හැර අනෙක් සියලු සොල්දාදුවන් හා දාස දාසීන් මේ වන විට දවසේ රාජකාරී හමාර කර තිබුනෝය. මාළිගාවේ රාත්‍රී මුර සේවයේ සිටින අය මාළිගාව වටකර ඇති විශාල ප්‍රාකාර වල සිට තම තමාගේ සේවයේ නියැළුනෝය. රාත්‍රී මුර සේවය මාළිගාව තුළ සිදුවන්නක් නොවේ. එය මාළිගාවේ සිව්දිග ප්‍රධාන ද්වාර හා ප්‍රාකාර වටා පමණක් සිදුවන්නකි. මධ්‍යම රාත්‍රිය පසු වූ විට වැඩි ආරක්ෂාවට දෙතුන් දෙනෙකු හැර මාළිගාව තුළ කිසිවෙක් නොසිටියේය. විශේෂයෙන් අන්තඃපුරයේ බලුබල්ලෙකු නොවීය. ඉදහිට බිසෝවරුන්ගේ අවශ්‍යතා සැපිරීමට යන දාසියක් දාසයෙක් හැර අන් කිසිවක් එහි නොවීය. මාළිගාවේ අනෙක් බිසෝවරුන්ද අන්තඃපුර ලලනාවන්ද මේ වන විට නින්දේ පසු විය. එසේම ඔවුන්ගේ දාස දාසීන්ද නින්දේ පසුවිය. බොහොමයක් දාස දාසීන්ගේ කාම රංගන සිදුවන්නේද මෙවන් රාත්‍රින් වලදීය. සපුමල්ද තම කුටියේ කවුළුව විවෘත කර තබා නින්දට ගොස් සිටියේය. මේඝගේ රාත්‍රී ආරක්ෂක සේවයද ඔහු විසින් ආරම්භ කර තිබුණේය. ඔහු අන්තඃපුරයට වෙන් කර තිබූ උයනට වී සිටියේය. ඔහුට සපුමල් හමුවීමට ඉවසුම් නොදුන්නද පාන්දර ජාමයේම යාම නුවණට හුරු නිසා ඔහු ඉවසා සිටියේය. පුර පෝය පසු වී කීපදොහක් වූ නමුත් චන්ද්‍රයාගේ කාන්තිය එදින අඩුවී නොතිබුණේය. මේඝ සද දෙස බලා සිටියේය. ඔහු කවියක්ද මුමුණමින් ඒ දෙස බලා කල්පනා කළේය. මෙතන සපුමල්ද සිටියා නම් කියා ඔහුට සිතුණේය. නමුත් සපුමල්ගේ තටු කපා දමා සිරකර ඇති බව ඔහුට කල්පනා විය. ඔහුට ඔවුන් දෙදෙනා ගැනම අනුකම්පා දැනුනි. කවදා නිදහසේ සිටිම්දැයි ඔහු කල්පනා කළේය. කවදාහරි මේ මාළිගාව දමා සපුමල්ව රැගෙන යන බවට ඔහුට ඔහු ගැනම විශ්වාසයක් තිබුණි.සැබැවින්ම ඔහු ඔහු කෙරෙහි විශ්වාස කළේය. ඔහු ඔහුටත් වඩා සපුමල් කෙරෙහි විශ්වාස කළේය. ඔහුගේ අවධානය බිදී ගියේ උයනේ එක් කොනකින් චායාවක් මතු වන විටය. අඩ අන්ධකාරයේ නිවැරැදි ලෙසම ඔහුට එම චායාව හදුනාගැනීමට නොහැකි වුවත් ඒ සපුමල්දැයි ඔහු අනුමාන කළේය. ඒ චායාවේ උස සපුමල්ගේ උස මෙන්‍ ය. එසේම එම ශරීරය සපුමල්ගේ ශරීරය මෙන්ම හැඩය. එම චායාව ලගා වන විට ඒ සපුමල් නොවන වග මේඝ වටහා ගත්තේය . මන්ද සපුමල් කොන්ඩය වවා තිබුනද මොහු කොන්ඩය වවා නොතිබූ නිසාය. එම චායාවේ හුන් පුද්ගලයා කවුරුදැයි මේඝ වටහා ගත්තේ ඔහු මේඝගේ ඉදිරියටම ආ විටය. සැබැවින්ම ඔහු ඉතාමත් සුන්දරය. චන්ද්‍රයාගේ සියුම් කාන්තියෙන් ඔහුගේ දෑස් කලු මැණික් කැට මෙන් දිළිසුනේය. සිහින් දිගු ගෙලක් තිබූ ඔහු ඉතාමත් රූමත්‍ ය. පිරිපුන් අඟ පසඟ වලින් යුතු වූ ඔහුගේ ශරීරය සැබැවින්ම සුන්දරය.

බිසෝTempat cerita menjadi hidup. Temukan sekarang