1

2.5K 281 34
                                    


             ඒ හිරු බැස යාමට ඔන්න මෙන්න තිබූ කාලයකි.මුලු පරිසරයම රාත්‍රියට සූදානම් වෙමින් තිබුනි.වැව් කණ්ඩිය දිගේ ඉදිරියට ඇදෙන පිරිමි සේයාවක් විය.ඔහුගේ අතෙහි තෙත බරිත ‍රෙද්දක්ද විය.ඔහුගේ සිරුර සිහින් වූ අතර ඔහුගේ ගමන් විලාසය ඕනෑම පුරුෂයකුගෙ සිත වශීකෘතවන සුළුය.අනංගයාගෙ හීසර මෙන් තියුණු සරාගී බැල්මකට ඔහු හිමිකම් කියූ අතර නිල් දෑස ඊට තවත් ශෘංගාරයක් එක් කරවීය.එමෙන්ම රෝස පැහැ දෙතොලද ඔහුගේ මුහුණට ආකර්ෂණීය පෙනුමක් ගෙන ආවේය.බෙල්ල තෙක් වැවුනු කේශ කලාපය ඔහුගේ අලංකාරය තවත් වැඩි කළේය.ඔහුගේ එක් අතක මහනෙල් මලක් වූ අතර ඔහු එහි සුවද විදිමින් තම නිවස දෙසට ගමනේ යෙදුනේය.වැව් කණ්ඩියෙන් පාරට බැස ආ ඔහු පාර දිගේ ඉදිරියට ඇදුනේය.ඔහුගෙ අඩි ශබ්දය හා කුරුල්ලන් කූඩු වලට පියඹා යන ශබ්දය  මිස පරිසරයේ වෙනත් කිසි හාවක් හූවක් නැත.නමුත් පරිසරයේ මේ නිසල බව එලෙස පැවතියේ නිමේෂයක් පමණි.ඔහුගේ පිටුපසින් ඇසුනේ කරත්තයක ශබ්දයය.ඔහු හැරී බැලුවේය. අශ්වයන් දෙදෙනෙකුද ඔවුන් පිට නැග අසරුවන් දෙදෙනෙකුද ඉදිරියට ආ අතර ඒ අශ්වයන් දෙදෙනාට පිටුපසින් කරත්තයක් විය .ඔහු නැවත ඉදිරියට ඇදුනු අතර කරත්තයේ හඩ ඇසීම ලං වූ විට  ඔහු මාර්ගයේ ඉඩ දී පසෙකට විය. කරත්තය තුළ සිටින්නේ කවුරුන් වුවත් මෙවැනි කරත්ත පාවිච්චි කරන්නේ වංශක්කාරවරු නිසා ඔහු හිස පහත් කරගෙන ඔවුන් යන තෙක් සිටියේය . නමුත් ඔවුන් ගියේ නැත . කරත්තය නතර විය. ඔහු සෙමෙන් හිස එසවීය.

එහි සිටියේ මහදිසාවේය..

ඔහු හිස ඔසවා බලා නැවත බිම බලාගත්තේය ...

" නැගපන් " මහ දිසාවේ නියෝග කළේය..

" මහදිසාවේ " ඔහු ඇසීය..

" නැගපන් මේක රාජ නියෝගයක් "

" ඒත් ...." ඔහු කියනවාත් සමග අශ්වයන් පිට නැගී සිටි අසරුවකු බැස විත් ඔහුගේ අතින් ඇද ගොස් මහදිසාවේ සිටි කරත්තයට නැග්ගුවේය.

ඔහු අත තිබූ තෙත රෙදිකඩත් ,  මහනෙල් මලත් පාරේ විසි වී ගියේය.

කරත්තය ඉදිරියට ඇදෙන විට ඔහුගේ බිම වැටුනු මහනෙල් මලද කරත්ත රෝදයට පොඩි වී ගියේය .

බිසෝΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα