7

1.6K 227 41
                                    


එම සේයාව නොසෙල්වුනි. සපුමල්ගේ  හිසේ කෙස් රොද අතරින් ඔහුගේ නළලත තෙමාගෙන දහදිය මතු වන්නට විය. ඔහුගේ වික්ෂිප්තව කවුළුව දෙස බලා සිටියේය. තත්පර කිහිපයක් ගත විය. බියෙන් උමතු වූ ඔහු කුටියේ ද්වාරය දෙසට හැරුනේය. ඔහු කුටියේ ද්වාරය අසලට ගමන් කළේ හොරැහින් පසුපසද බලමිනි.

" පුන්නා.........."කෑගසාගෙන ද්වාරය අසලට ආ ඔහුට කියාගත හැකි වූයේ එපණකි. සත්ව හමකින් සැදී අත්වැසුමක් පැලදි හස්තයකින් ඔහුගේ මුව තද විය. ඔහු ගල්ගැසී සිටිවනම සිටියේ මේ ගතවන්නේ ඔහුගේ ජීවිතයේ අවසාන තත්පර කිහිපය බව ඔහුට වැටහුනු නිසාවෙනි. ඔහු දෑස් වසාගත් අතර සියල්ල අත් හැරීමට හිත හදාගත්තේය. නමුත් ඔහුට අත් හැරීමට නොහැකි වූ යමක් ඇත. ඒ ඔහුගේ හදවතේ කොනක ජීවත් වූ මිනිසාය. කෙහෙම්මල් මනස්ගාතයක් යැයි සිතා අමතක කිරීමට තැත් දැරූ මිනිසාය. එම මිනිස් රූපය වසාගත් දෑසේ කළුවර අතරින් ඔහුට මැවි මැවී පෙනුනේය .

" මේ මම ... " ඔහු තම හඩ අවදි කළේය. සපුමල්ට ඒ හඩ හුරුපුරුදුය. ඔහුගේ දෑතින් මිදුනු පසු සපුමල් ඔහු වෙත හැරුනේය..

" මේඝ " ඔහුගේ හදවතේ කොනක ජීවත් වූද , අත් හැරීමට නොහැකි වූද ,දෑස වසාගත් විට ඔහුගේ මනසේ මැවුනාවූද ඒ මිනිස් රුව හැබැහින් ඔහුගේ නෙත් ඉදිරිපිට සිටගෙන සිටීමෙන් හෙතම වික්ෂිප්ත විය.

" මේඝ තමයි ...බිසෝවුන්නාන්සෙට  කවුළු වහන්න අමතක වෙලා වෙන්න ඕනෙ..." ඔහු මද මන්දස්මිතයක් පාමින් විමසුවේය.

" ඔව්... මට මතක නැතුවා.... " ඔහු තුළ හටගත් අහංකාරකමකින් හා කෝපය හේතුකොටගෙන ඇතිවුනු රෞද්‍ර බැල්ම මේඝ වෙත එල්ල කළේය.

" මයෙ බිසවුන්නාන්සේ බිය වුනාද "

" බිය නොවී තියේද යකෝ... තෝ මෙතන මළහොල්මන වගේ හිටං ඉද්දි... "

" සමාවෙන්ට බිසෝවුන්නාන්සේ...ඔබවහන්සේගේ ආරක්ෂාව ගැන මම වග කියන්ට එපැයි... "

" ආරක්ෂාව හින්දා වෙන්නැති බිසෝවරු නිදාගෙන ඉද්දි කවුළුවෙන් ඇවිල්ල බලාගෙන ඉන්නෙ... " සැබැවින්ම ඔහු බලාසිටියේ සපුමල් සැතපෙන අයුරුය. ඔහුට සැබවින්ම සපුමල් පිළිබඳ ආල හැගීම් පහළ වී තිබුණේය. සපුමල්ගේ වචනවලින් ඔහුට ලැජ්ජාවක්ද බයක්ද දැනුනි.

බිසෝWhere stories live. Discover now