10

1.2K 171 18
                                    


" අවසර බිසෝවුන්නාන්ස.... මං අද සිට ඔබතුමියගේ දාසයෙක් ලෙස පත් කරලා තියෙනවා " තමා අභියස සිටගෙන තමාගෙන් අවසර පතන ලාබාල තරුණයා දෙස සපුමල් නොබැලුවේ තමාට දාසයෙකුගේ අවශ්‍යතාවයක් නොමැති නිසාය .

" අවශ්‍යක් නෑ ...මට සේවය කරන්න සේවිකාවක් ඉන්නවා ... උබෙන් මට ඵලක් නෑ ...පලයන් මෙතනින් .." පුන්නා හැර වෙනත් කිසිදු දාසයෙක් තම සේවයට බදවාගැනීමට සපුමල් කැමති වූයේ නැත.මන්ද පුන්නා කෙරෙහි තැබිය හැකි විශ්වාසය තවකෙකු කෙරෙහි තැබිය නොහැකි නිසාය.

" සමා අවසර බිසෝවුන්වහන්ස.... මා හට රාජකාරිය පැහැර හැරිය නොහැකී..." ඔහුගේ එම ප්‍රකාශයෙන් පසුව සපුමල් මදක් තම අදහස හිතින් අත් හැර ගත්තේ ඔහුට වුවද රාජ අණට උඩින් යෑමට නොහැකි බව වැටහීමෙනි.

" කාරි නෑ ...මොකක්ද උබේ නම..."

" මං සේදරා බිසෝවුන්නාන්ස..."

" සේදරා !! " සපුමල්ගේ මනස දිව ගියේ අතීතයටය. ඒ නම ඔහුට ඉතාමත් හුරුපුරුදුය. ඔහු කුඩා කල සෑදූ සෙල්ලම් ගෙවල් තුළ ඒ නාමය රැවු දුන් ආකාරය සපුමල්ට මතක් විය. ගොම්මනේ වැව් ඉස්මත්තේ දිය කෙළියේදී ඔහු ඒ නම උච්චාරණය කළ ආකාරය සපුමල්ට මතක් විය. වෙල් ඉපනැල්ලේ දුව පැන සෙල්ලම් කරන විට ඒ නම කියා කෑ ගැසූ ආකාරය සපුමල්ට සිහි විය. දහසක් පැන සපුමල්ගේ මනස තුළ කැකෑරෙන්නට විය. සපුමල්ගේ දෑස් තෙත් වුවත් ඒ බව සේදරාට නොපෙනෙන්නට තබා ගැනීමට සපුමල් වග බලාගත්තේය. මෙතෙක් වේලා අහක බලාන පිළිතුරු දුන් සපුමල් තමා අභියස සිටින සේවකයාගේ මුහුණ බැලුවේ එවිටය. ඔහුගේ මුහුණෙ නව ආගන්තුක බවක් තිබූ නිසා ඒ තමා දන්නා සේදරා නොවන බව සපුමල්ට වැටහුනේය .

" කොහෙද උබේ ගම් පළාත..."

" මයේ ගම් වැව්පත්තුවේ බිසෝවුන්නාන්ස.... පස්සෙ කාලෙක මං හිටියේ අනුරාජපුරේ... "

" වැව්පත්තුවේ !!! " සපුමල්ට දෑස් අදහා ගැනීමට නොහැකි විය. ඒ ඔහුමය. තම අනුමානය නිවැරැදි බව සපුමල් වටහාගත්තේය. සපුමල්ගේ දෑසින් එක සීරුවට කදුලු කැට කඩා වැටුනේය.

" මයේ සේදරා.... " සපුමල් ගොස් සේදරා තදින් බදාගත්තේ කදුළැල් එක සීරුවට ඔහුගේ දෙකම්මුල් තෙමද්දීය. සේදරා විස්මයට පත් දෑස් දල්වාගෙන වන්නේ කුමක්ද වූයේ කුමක්ද කියා සිතාගැනීමට නොහැකිව අතරමං වී සිටියේය.

බිසෝWhere stories live. Discover now