" බිසෝවුන්වහන්සේ කොහාටද මේ සැපත් වෙන්නෙ..."සෙන්පති මේඝගේ වචන නෑසුනාක් මෙන් සපුමල් මේඝට ඇසක් වසා ඉගිකරමින් කුටිය වෙත ඇදුනේය.
සපුමල්ට ඔහුව අවශ්‍ය විය. නමුත් මාළිගාවේ උකුසු ඇස් නිරන්තරයෙන් තමා වෙත එල්ල වී ඇති බැවින් ඔහු තම හැගීම් යටපත් කරගැනීමට පරෙස්සම් විය. මේ මුළු වාසලේම ඔවුන්ගේ මේ හාහොදැය්ය දන්නේ ඔවුන් දෙදෙනා හැරුණුකොට පුන්නා පමණි.
-----------------------------
රැහැයි නාදය පැතිරී ගිය තවත් එක් රාත්‍රියකි.අතීතයේදී අමු සොහොනක් ලෙස පෙනුනු ඔහුගේ කුටිය දැන් ඔහුට දේව මන්දීරයක් සේ මිහිරිය.ඔහුගේ සයනය එම දේව මන්දිරයේ පූජාසනය වූ අතර ඒ මත තාබා පූජා කරන පූජාව වූයේ සපුමල්ගේ සිරුරය.එමෙන්ම පූජාව භාරගන්නා දේවතාවා ලෙස ඔහුට මේඝව පෙනුනේය. සපුමල් සයනයෙහි වැතිරී සිටින අතරතුර ඔහුගේ හදවතෙහි සිටින මිනිසා මැවි මැවී පෙණුනේය. පෙර රාත්‍රියේ මෙම සයනය තමාගේ දහදියෙන් තෙත්වන තුරු දගල දගලා උමතුව රමණයේ යෙදුනු ආකාරය ඔහුට සිහි විය.ඔහුට මේඝගේ මුළු ශරීරයම මැවී පෙණුනේය. ඔහු රාගයෙන් දැවුනේය. ඔහු කෙතරම් රාගික වූවාදැයි කියතොත් මේඝගේ පිරිමියා සිහිවන විට ඔහුගේ තනපුඩු ඉලිප්පී මෝදු වන්නට විය. ඔහුට මේඝගේ පහස වුවමනා විය. ඔහු සයනයෙන් බැස ගියේ කවුළුව වෙතය. ඔහු කවුළුව හැර පිටත විපරම් කර බැලුවේ කොහේ හෝ අස්සක මුල්ලක මේඝ සිටීවි යැයි බලාපොරොත්තුවෙනි. මාළිගාවේ තැන තැන අලංකාරය සදහා වූ ගස්කොළන් හැර ඔහුගේ බලාපොරොත්තුව එහි නොවීය. ඔහු මේඝ කෙරෙහි කෝප වූ අතර පිටතින් ඇසුනු බස්සන්ගේ මූසල නාදය ඔහුගේ සිතෙහි මහා කාලකණ්ණි පාළුවක් ඇති කළේය. ඔහු බලාපොරොත්තු සුන් වූ දෑස් දල්වාගෙන සයනය වෙත පැමිණියේය. නමුත් ඔහු කවුළුව වසා දැමුවේ නැත. කොයිවෙලේ හෝ තම පෙම්වතාට පැමිණීමට ඔහු ඉඩ හැරියේය.සයනයේ වැතිරී කවුළුව දෙස බලාගත්වනම සිටි ඔහු ඔහුටත් නොදැනීම නින්දට ගොස් සිටියේය. ඔහු එක්වරම ගැස්සී ඇහැරුනේ කුටියේ ද්වාරයේ අගුළු කැඩී වැටෙන හඩටය. මේ හඩ සොහොනට අරක් ගත් මහසොහොන් යක්ෂයා තම ගොදුර සොයා පැමිණෙන හඩ බව ඔහු දැන හුන්නේය. අගුළු කැඩෙන ශබ්දය රජුගේ පැමිණීම සංකේතවත් කරන බව ඔහු පමණක් නොව මාළිගාවේ රාජ පුරුෂයෝ පවා දැනගෙන සිටියහ.
YOU ARE READING
බිසෝ
Poviedkyමේ රජෙකුගේ විනෝදය පිණිස තම නොඉදුල් සිරුර කැපකල ගැටවරයෙකුගේ කතාවය. කිසිදා ආදරය නොවිදි හදවතට ආදරය දැනෙන්නට දුන් පිරිමියෙකුගේ කතාවය. ආදරය වෙනුවෙන් තම ජීවිතය දන්දුන් අසීමාන්තික ප්‍රේමවන්තයකුගේ කතාවය.