4

1.8K 269 33
                                    


දින සති ගෙවුනේය... වාසලට තවත් කෙල්ලන් හා කොල්ලන් ගෙන ආ අතර එක් එක් රාත්‍රීන්හීදී රජු විසින් ඔවුන් බිසෝවරු බවට පත් කළේය. රජු සාමාන්‍යයෙන් එක් බිසවක් සමග නිදිවැදුනු පසු නැවත එම බිසව වෙත නොයන්නේය. නමුත් මේ කෙටි කාලය තුළදී රජු සපුමල් සමග දහ දොළොස් සැරයක් නිදි වැද තිබුනි. අග බිසවුන් වහන්සේට පසුව අන්තඃපුර බිසෝවරු අතරින් රජු සමග එතරම් වාර ගණනක් නිදිවැරුවේ සපුමල් පමණකි. ඒ සපුමල් අන් සියළු බිසෝවරුන් අතරින් රූප ශ්‍රීයෙන් අගතැන්පත් වන බැවිනි. ඔහුගේ රූ සපුවට අග බිසවුන් වහන්සේවවත් සැසදිය නොහැකි විය . සැබවින්ම රජු අන් සැමට වඩා ඔහුට ආශා කළේය. ඔහු දකින සෑම විටකම රජු රාග ගින්නෙන් දැවුනේය. රජු ඔහුට ආලය කළේය. නමුත් රජු සමග යහන්ගත වූ සෑම අවස්ථාවකම ඔහු හැගීම් විරහිතව බලා ප්‍රාණ විරහිත මළකදක් මෙන් හුන්නේය. රජු තමා අතේ ඔහුව රූකඩයක් මෙන් නටවන විට ඔහු වේදනාවන් දරාගත්තේය.ඔහුගේ රූපශ්‍රීයට වහ වැටුනේ රජු පමණක්ම නොවේ. මාළිගාවේ ඇමතිවරු , සෙන්පතිවරු පවා ඔහුට නොදැනෙන්න ඔහුට හොරැස් බැල්ම හෙළුවෝය. වාසලේ සෙබලුන් මෙන්ම සේවකයන් ඔහු දෙස නොබැලූ බව සදහන් කළහොත් එය මුසාවකි .

සපුමල් තුළද පෙර පැවති අහිංසක ගති පැවතුම් තරමක් අඩු වී ගොසින්‍ ය. වරදක් සිදු වූ විටදී ඔහු තම සේවක සේවිකාවන්ට බැන වැදුනේය. ඔහු සියල්ලන් කෙරෙහි කෝප විය. විටෙක ඔහු කෝප නොගත්තත් ඔහු සිටින්නේ කෝපයෙන් බව අන් අයට හැගවීමට මෙන් ඔහු හැසිරුනේය. ඔහු තුළ යම් අහංකාරකමක් ඇතිවී ඇත . නමුත් ඒ අහංකාරකම ඔහු දැන් රජබිසවක් වූ නිසා ඇතිවූවක් නොවන බව සහතික ලෙසම කිව හැකිය. නමුත් ඔහු මේ කිසිවක් පුන්නා වෙත නොපෑවේය. විටෙක ඔහු සැමියා මළ ස්ත්‍රියක මෙන් කල්පනාවේ යෙදුනේය.එසේම සමහර මූසල රාත්‍රීන් අවසානයේදී වැළහින්නක මෙන් කදුලු සැළුවේය. අන් බිසෝවරුන්ගේ ජීවිත වලට උදාවන සුන්දර වූත් , රසවත් වූත් රාත්‍රිය ඔහුගේ ජීවිතයේ තවත් එක් අමු මූසල රාත්‍රියක් විය. ඔහුට ඔහුගේ කුටිය පාළු සොහොන් බිමක් සේ පෙනුනි.ඔහුට මහරජුව පෙනුනේ එම සොහොන් බිමට අරක්ගත් යක්ෂයා ලෙසය.

මේ තවත් රාත්‍රි හෝරාවක්‍ ය. ඔහු තම සයනයට වැදුනේ දෑස් පියාගැනීමටය.

බිසෝWhere stories live. Discover now