3

2K 286 32
                                    


එය දිගු රාත්‍රියකින් පසුව උදාවන හිමිදිරි උදෑසනක් විය. සූර්‍යා දුටු පිනි බිදු සැගවී ගියෝය.වාසලේ දාස දාසීන් ඒ මේ අත දිව යමින් තම තමාගේ වැඩ රාජකාරී කරන්නට වූහ.

පිරිමි ළමයා සිටියේ සයනයේය. ඔහුට දැනුනු විඩාව හා වේදනාව තරමක් දුරට පහව ගොස් තිබුණි. ඔහු සයනයෙන් බැස අවුල් වී තිබූ සයනය නැවත පිළියෙල කරන්නට විය. ඒ අතර ඔහුගේ ඇස් දිව ගියේ යහන මධ්‍යයේ තිබූ පැල්ලමක් දෙසටය. එය සුදෝ සුදු සයනය මත හොදින් කැපී පෙනෙන රත්පැහැ ලේ පැල්ලමක් විය. ඔහු එය අත ගා බැලුවද ඒ වන විට එය මුළුමනින්ම සයනයට උරා ගෙන තිබුනි.පෙර රාත්‍රියේ සිදු වූ සියල්ල ඔහුට සිහිපත් කරවීමට එම ලේ පැල්ලම සමත් විය. එහි තිබුනේ රුධිරය නොවේ. එහි තිබුනේ ඔහුගේ පිරිසුදුකමය. ඔහුගෙ ජීවිත කාලය පුරා ඔහුට තිබූ ලොකුම වටිනාකම  පෙර රාත්‍රියේදී මතින් මත් වූ රජෙකු අතින් විනාශ වූ ආකාරය ඔහුට සිහි විය.ඔහු තමාගේ ශරීරයෙන් පෙර රාත්‍රියේදී රජු නිසා ගැලූ රුධිරයෙන් වූ පැල්ලම දෙස බලා සිටි අතර ඒ අතරතුර ඔහුගේ දෑස් තෙත්වන්නට විය.

-----------------------------

තම දරුවා සොය සොයා පොඩිනා ගම් පුරා ඇවිද්දාය. ඇය හැසිරුනු ආකාරයෙන් ඇය මානසික රෝගී තත්වයකින් පෙළෙන බව ගම්මු වටහා ගත් නිසා ඇයව අල්ලා ඇගේ ගෙදරට ගෙන ගියෝය. ඇයගේ පුතුට වූ දේ පිළිඹද විවිධ අය විවිධ මත ප්‍රකාශ කරන්නට විය. ඇයගේ පුතා වැවේ ගිලී ඇති බව සමහරෙක් පවසන්නට වූ අතර සමහර අය එම මතය ප්‍රතික්ෂේප කරන්නට වූයේ ඔහු දියේ ගිලුනේ නම් සේදූ රෙද්ද පාරේ වැටී තිබීමට නොහැකි නිසාවෙනි.

-----------------------------

ඔහු එම පැල්ලම දෙස බලා දැහැන් ගත වන විට දොරට තට්ටු කරන හඩින් ඔහු කලබල වූයේ ඔහුගේ ගතෙහි නූල් පොටක්වත් නොමැති නිසාවෙනි. ඔහු ඉක්මනින් සයනයෙහි වූ රෙද්දක් ගෙන තම සිරුරෙහි ඔතා ගත් අතර තම කදුලුද පිසදාගත්තේය. දොර විවෘත කළ ඔහුට දැකගත හැකි වූයේ පෙර දින පළමු වරට ආ සුන්දර එහෙත් නපුරු වූ දාසියය.

" ඔබතුමා මේ ආහාර පිළිගන්න "ඇය හිස පහත් කර ඔහුට තම අතෙහි වූ ආහාර පිළිගැන්වීය.

බිසෝWhere stories live. Discover now