part 15

105 17 0
                                    

Not that fantasy.

#notthatfantasy

Ep15

අවුරුදු පහ ගෙවිලා වෙන්න ඔන්න මෙන්න වගේ.ඕෆ් අද ලීව් එකක් දාලා ගන්ගේ හොටෙල් එක ගාවට ගියේ.එයාටත් කලින් ඉදන්ම half day leave එකක් දාන්න කියලා තිබ්බ නිසා.

ඕෆ් පාරේ හිටගෙන බලාගෙන හිටියේ ගන් එනකල්.මුලින්ම අහක බලාගෙන ආවත් පස්සේ ඕෆ්ව දැක්ක ගමං ඒ මූනේ මේ අවුරුදු ගානේ හැමදාම උනා වගේ ලස්සන හිනාවක් මතු උනා.ඕෆ්ව දැක්ක ගමං ගන් ඕෆ් ගාවට දුවගෙන ඇවිත් එයාව බදා ගත්තා.

"අපි කොහෙද යන්නේ 😊"

ගන් ඕෆ්ගේ මූන දිහා බලාගෙන ඇහුවා.

"ම්ම්ම් ඒක සප්‍රයිස් එකක් මුලින්ම යමු මොනා හරි කාලා වට පිටේ ඇවිදලා එන්න රෑ වෙලා තමා සප්‍රයිස් එක තියෙන්නේ."

ඕෆ් ගන්ගේ එක කම්බුලක් එයාගෙ මාපට ඇගිල්ලෙන් පිරිමදින ගමං කිවුවා.

"ම්ම්ම්ම් ඕකේ 😁.ඒනම් යමු.මට ඕන්න ඔය ලොකු හෝටලේකින් නම් එපා.මට ඒවගේ කෑම දැකලම එපා වෙලා.මොකක් හරි ස්ට්‍රීට්ෆුඩ් කඩේකින් කමුද ම්ම්"

දෙන්නම ගියේ ස්ට්‍රීට් ෆූඩ්ම විතරක් තියන තැනකට.ගොඩාක් වෙලාවට මෙතන එක එක රටවල් වල ස්ට්‍රීට් ෆූඩ් විකුනන නිසා ගන් ඒ කාලේ ඉදන්ම එතනට යන්න ගොඩාක් කැමතී.

"වහ් අන්තිමට මෙතනට ආවේ අපි දෙන්න කොයි කාලෙද නේහ්.තාමත් එදා වගේමයි"

""ඒක තමා තාමත් එදා වගේමයි."

ගන් වට පිට බල බල කතා කරත් ඕෆ් නම් ඒ වචන ටික කිවුවේ ගන් දිහා බලාගෙන.

ඇත්තටම ඉගෙන ගන්න ගමං මෙහෙ ජීවත් වෙන එක ලේසි දෙයක් උනේ නෑ.ඒත් ගන් නිසාම ඕෆ්ට ඒ දේවල් විද දරා ගන්න පුලුවං උනා.මොකද ගන් කවදාවත් සම්පූර්න බර ඕෆගේ පිට පැටෙවුවේ නෑ.අද දෙන්නා තැනක ඉන්නවා නම් දෙන්නම ගොඩාක් මහන්සි වෙලයි මෙතනට ආවේ.

"මේ අද නම් මම පැලෙන්න කනවා.ඔයා ගෙවන්න හුග කාලෙකිං මට දතක් ගලවන්නත් බැරි උනා 😁. "

"🤣 එක දතක් මොකටද සුදු ඔයා මගේ දත් තිස් දෙකම ගලව ගන්න 🤣"

ඕෆ් හිනා වෙවී කිවුවා.

NOT THAT FANTASY Where stories live. Discover now