part 8

107 20 0
                                    

NOT THAT FANTASY

#notthatfantasy

Ep 8

ගන් චිමොන්වත් එක්කගෙන ගියේ කැෆේ එකකට ඒ වගේම ගන් අද වෙන කිසිම කෙනෙක් එක්ක වචනයක් වත් කතා කරෙත් නෑ.

"මේ ඇයි බං මෙතනට ආවේ, මේ වගේ තැනකට උබ මාව එක්කං ආවමද මන්දා"

"ම්ම් කොහොමද මම මේක කියන්නේ.චිමොන් කලබල වෙන්න එපා ඇත්තටම මොකද උනේ කියලා මම දන්නෙත් නෑ.ඒත් උබ ටිකක් හොයලා බලපං මේක ගැන හාද?"

"උ උබ මාව බය කරනවා බං.කියහං මොකක්ද ?"

"ම ම දැක්කා බං ක්ලෙයා.. අර third year එකේ කායි කියන කොල්ලගේ අතේ එල්ලිලා යනවා."

"ම් මොකක් . උ උඹට හොදටම ශුවර්ද?"

චිමොන්ගේ ඇස්වල කදුලු පිරීගෙන ආවා.

"බං මං ඒක දැක්කා තමා ඒත් ටිකක් හොයලා බලහං.දැං අපි දෙන්නා මොනා හරි කාලා යමු පොඩි වටයක් දාන්න හාද?"

"ම්ම් මං අහලම බලන්නම්"

චිමොන් එයාගේ හිතට හැගීම් පාලනය කර ගන්න ගමං කිවුවා.

ඒත් තව මොනා හරි ඕඩර් කරන්න කලිං ඕෆ්ගේ ෆෝන් එකට තාත්තගෙන් කෝල් එකක් ආවා.

ගන්ට පොඩි සතුටක් දැනුනේ ඉදලා හිටලා හරි තාත්තට එයාව මතක් වෙනවනේ කියලා හිතුන නිසා.

"හලෝ තාත්තා කියන්න"

"අද හවසට ගෙදර එන්න.මට නිදහසට කරුනු කියන්න එපා.අනික හොද සූට් එකක් ඇදං එන්න."

ගන් උත්තර දෙන්න කට අරිනකොටම තාත්තා ෆෝන් එක කට් කරා.

"හ්ම්ම් කට් කරා"

"කවුද බං තාත්තද?"

"ඔව් බං අද රෑට ගෙදර එන්නලූ.ලස්සනට ඇදගෙනත් එන්නලූ අනේ මන්දා "

"ඒක නෙවෙයි බං උබ ගෙදර පලයං අද මම ක්ලෙයාව හම්බ වෙලා තමා ගෙදර යන්නේ"

"ම්ම්ම් ඕකේ බං."

ගන් ගෙදර ගිය අතරෙ චිමොන් ක්ලෙයාට කෝල් කරන්න ගත්තේ ඇත්තටම දෙකෙං එකක් බේර ගන්න ඕන නිසා.

පැයක් විතර කෝල් කරාට පස්සේ ක්ලෙයා ෆෝන් එක ආන්සර් කරා.දෙන්නම නිදහස් තැනක හම්බ වෙන්න දා ගත්තා.

NOT THAT FANTASY Where stories live. Discover now