part 3

157 25 1
                                    

NOT THAT FANTASY

ගන් එයාට ආපු මැසේජ් එක මොකක්ද කියලා බැලුවා.ඒක තාත්තගේ මැනේජර්ගෙන් හවස 5ට එයාව හම්බ වෙන්න කියලා තිබ්බේ.

ගන්ට අද හවස lectures වලට යන්න හිතුනේ නෑ.ඒ නිසා චිමොන්ට කෝල් එකක් දීලා කිවුවා ඒක රෙකෝඩ් කර ගන්න කියලා.හවස් වරුව ඔහේ k drama එකක් බල බල ගෙවලා දාපු ගන් 5 වෙනකොට තාත්තගේ ඔෆිස් එකට ගියා.

"ම්ම් තාත්තා ඇයි මට කතා කරේ"

"අහ් නෑ නිකං ඔයාව බලන්න ඒත් කියන්න දේකුත් තියනවා.හෙට උදේ lectures තියනවද?"

"ම්ම් හෙට උදේ නම් නෑ තාත්තා.හැබැයි 1ට විතර එකක් තියනවා."

"ඕකේ හෙට මං මගේ යාලුවෝ ටිකක් එක්ක golf ප්ලේ කරන්න යනවා ඔයත් මාත් එක්ක එන්න ඕන.මොකද මං දැන්මම ඔයාගේ මූන එයාලට හුරු කරන්න ඕන"

බෑ කියලා වැඩක් නෑ කියලා ගන් කොහොමත් දන්නවා.ඒ නිසාම ගන් හා කිවුවා.

ගන් රෑ වෙලා ගෙදර ආවේ කන්න කෑම්ත් අරගෙනම.

............................................................................

Next morning.

ගන් නැගිටපු ගමං සැහැල්ලු ඇදුමකුත් දාගෙන තාත්තව හම්බ වෙන්න ගියේ එයා එක්කම golf match එක තියන තැනට යන්න ඕන නිසා.

මුලින්ම එතනට ගිහිං තිබ්බේ ගනුයි එයාගේ තාත්තයි.එතන ඉන්න කෙනෙක් ගන්වයි තාත්තවයි ඇතුලට එක්කන් ගියා.

"අපි දෙන්නා ටිකක් සෙල්ලම් කරමු එහෙනම්"

තාත්තා ගන්ට කිවුවා.

"හරි තාත්තා කරමු"

දෙන්නා ඕන කරන බඩු ටිකත් අරගෙන ගෝල්ෆ් පිටිය පැත්තට ගියා.යනකොට දෙන්නම දැක්කේ ඒ හරියේ gay couple එකක් ගෝල්ෆ් ප්ලේ කරනවා.එක්කෙනෙක් ඉතුරු කෙනාට ප්ලේ කරන හැටි උගන්නනවා.එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ ඇග වටේ අත් දෙන දාලා බදාගෙන වගේ හිටියේ.ඒක දැක්ක ගමං ගන්ගේ බඩේ සමනල්ලු දාහක් පියාඹනවා වගේ දැනුනා මොකද ගන්ටත් ආසාවක් තිබ්බා එයා ආදරේ කරන කෙනා එක්ක මෙහෙම ඉන්න.ඒත් එක පාරම එයාගේ හීන ලෝකේ කැඩිල ගියේ තාත්තා කියපු දේ නිසා.

"ආ...හ් අප්පිරියයි මෙහෙම මානසික ලෙඩ්ඩු මොකට ඉපදෙනවද මන්දා"

ගන් එක පාරම අර දෙන්න දිහා බැලුවේ ඇහුනා කියලා හිතුන නිසා.ඒත් ඇහිලා තිබුනේ නෑ.ඒ දෙන්නා තාමත් මුකුලු කර කර ඉන්නවා.

NOT THAT FANTASY Where stories live. Discover now