par7

120 21 0
                                    

NOT THAT FANTACY

#notthatfantasy

Ep 7

"කාටද ඔච්චර කෑම ගෙනවේ"

ඕෆ් කට්ටියගෙන් ඇහුවා.

"අපිට කන්න තමා වෙන කාට කන්නද?"

ටේ උත්තර දුන්නා.

"මේ කාට ගෙනාවත් වැඩක් නෑ මට බඩගිනී.මොනා හරි ගනිංකෝ කන්න බං"

ගන් චිමොන්ට කිවුවා.

"නෝ නෝ නෝ බේබි බෝයි ඔයැයිට කන්න දෙන්න එපා කිවුවා.ඒ නිසා කට වහගෙන මෙන්න මේ සුප් එක බොන්න."

"සුප් 🥲🥲.මට සුප්ද බොන්න වෙන්නේ"

"ඕ...හ් යෙස්.හරි හරි දැනටමං මේක පොවන්නම්"

චිමොන් ගන්ට සුප් එක පොවන්න ගත්තා.ඉතුරු සෙට් එතන තැනින් තැන වාඩි වෙලා කන්න ගත්තා.

"ඒක නෙවේ කන්න මොකෝ මෙහෙට ආවේ."

ගන් කට්ටියගෙන්ම ඇහුවා.

"ආ...හ් උබ කම්මැලි කමේ නේ ඉන්නේ ඒකයි.අනික මේවගේ කෑමක් කන්න බැරි එකෙක්ට පෙන්න පෙන්න කන එක මාර ආතල් වැඩේ"

ටේ පිට්සා කෑල්ලක් කටේ ඔබා ගන්න ගමං කිවුවා .

"සැක් නොදෝකින්ම විතරක්.කොහෙං සෙට් උනාට මන්දා මේ වගේ යාලුවෝ සෙට් එකක් මට 🙄🙄"

"මේ මේ මං දිහා බලහං ම්ම්ම්ම්ම්.රසා........යි"

ටේ ආපහු ෆ්‍රයිඩ් චිකන් කෑල්ලක් කන ගමං කිවිවා.

ටික වෙලාවකින් චිමොන් ගන්ට සුප් එක පොවලා එතන පැත්තකින් වාඩි වෙලා කන්න ගත්තා.

"ඒ මේ මට අරකෙන් කටක් වත් දෙන්න බැරිද? 🤤"

පැත්තකින් තිබ්බ චොකලට් කේක් කෑල්ල දිහා බලන ගමං ගන් ඇහුවා.

"සතියක් ඉවසන්න මම ඔය ඔක්කොම ගෙනත් දෙන්නම් හාද?"

ගන්ට ඇහුනේ මාර සොෆ්ට් වගේම ආදරනීය කට හදක්.ඒ වෙන කවුරුවත් නෙවෙයි ඕෆ්.ඕෆ් ගන්ට සලකන විදිහ එන්න එන්න වෙනස් උනා.

...............................................................................

මාස තුනම ඔහේ ගෙවිලා ගියේ මේ යාලුවෝ ටිකත් හොස්පිටල් එකට ඇවිල්ලා හැමදාම පිස්සු කෙලලා යන අතරෙයි.අම්මා මේ මාස තුනටම එක පාරක් ගන්ව බලන්න ආවත් තාත්තා නම් එකම එක පාරක් වත් බලන්න ආවේ නෑ.ඒත් එකම එක පාරක් කෝල් කරා ඒත් බිස්නස් වැඩකට.

NOT THAT FANTASY Where stories live. Discover now